කඳුළු ගෑස්,ජල ප්‍රහාර මැද අද කොළඹ වි.වි සිසුන් සහ පොලීසිය ගැටෙයි! (VIDEO)

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊයේ දින සංවිධානය කර තිබුණු විරෝධතා පාගමනට කොළඹ විශ්ව විද්‍යාලය ඉදිරිපිටදී සහ විශ්ව විද්‍යාලය අභ්‍යන්තරයට පැමිණ පොලීසිය විසින් එල්ල කළ ප්‍රහාරයට විරෝධය පළකරමින් අද කොළඹ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට රීඩ් ඇවනිව් ප්‍රදේශයේදී එම විරෝධතාවටද පොලීසිය කඳුළු ගෑස් හා අධිපීඩන ජල ප්‍රහාර එල්ල කරන ලදී.

මෙහිදී විශ්ව විද්‍යාල සිසුන් හා පොලීසිය අතර උණුසුම්කාරී තත්ත්වයක් මතු වූ අතර පාසල් සිසුන්ද සරසවි සිසුන්ට සහය දක්වන අයුරු දක්නට ලැබුණි.

ආශිකා බ්‍රාහ්මණ