*
Monday, March 10, 2025
spot_img

Latest Posts

2025 MCA ‘F’ කාණ්ඩයට හත්වන වරටත් ෆෙයාෆස්ට් රක්ෂණ අනුග්‍රහය

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 09, (LNW)කොළඹ

ෆෙයාෆස්ට් රක්ෂණ කුසලානය වෙනුවෙන් හත්වන වරටත් පැවත්වෙන වෙළද සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන 2025 MCA ‘F’ කාණ්ඩයේ පන්දු වාර 25 ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා මෙවර කණ්ඩායම් විසි පහක් [25] ඉදිරිපත් වී ඇති අතර ඔවුන් කාණ්ඩ හතරක් යටතේ තරග වදිනු ඇත.

‘ඒ’ කාණ්ඩය [කණ්ඩායම් 6] : යුනිලීවර් ශ්‍රී ලංකා [Unilever Sri Lanka] , ඊ බී ක්‍රිසි [E B Creasy] , එච් එන් බී ‘බී’ [HNB ‘B’] , යුනියන් බැංකුව [Union Bank] , එම්පයර් ටී [Empire Tea], සේලාන් බැංකුව ‘බී’ [Seylan Bank ‘B’]

‘බී’ කාණ්ඩය [කණ්ඩායම් 7] : ඩෙවිඩ් පීරිස් ව්‍යාපාර සමූහය ‘බී’ [David Peiris Group of Companies ‘B’] , කාගිල්ස් බැංකුව [Cargills Bank] , කොමර්ශල් බැංකුව ‘බී’ [Commercial Bank ‘B’], කැමරා එල් කේ [Camera LK] . වී එස් ඉන්ෆොමේෂන් සිස්ටම්ස් [VS Information Systems], ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව [Standard Charted Bank] . ඇන්සල් ලංකා [Ansell Lanka]

‘සී’ කාණ්ඩය [කණ්ඩායම් 5] : රන්පත් සමුහය [Ranpath Group] . සිට්‍රෙක්ස් සමූහය [Sitrex Group] , සීමාසහිත ඇස්ට්‍රන් [Astron Limited], සියම් සිමෙන්ති [Siam Cement] , ඉන්ග්ලිශ් ටී ෂොප් [English Tea Shop]

‘ඩී’ කාණ්ඩය [කණ්ඩායම් 7] : සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ සමාගම [Softlogic Life Insuarance] , සීමාසහිත MAS ඇක්ටිව් ඇටයර් [MAS Active Attire Pvt Limited] , පීසා හට් [Pizza Hut] , ඇන්සල් ටෙක්ස්ටයිල් [Ansell Textiles], ඩයලොග් ඇක්සියාටා [Dialog Axiata] , එමර්චෙමි එන් බී [Emerchemie NB]

ලීග් ක්‍රමයට ක්‍රියාත්මක තරගාවලියේ පළමු අදියර දින භාගයේ තරග හැට හතකින් [67] යුතුය. අවසන් තරගයද ඇතුළුව දෙවන අදියර තරග පහළොවකින් [15] යුතුව පිළිමළුන් පිටු දැකීමේ [knockout] ක්‍රමයට පැවත්වේ.ලීග්’ තරග අදියර පෙබරවාරි විසි පස් [25] වන දින ආරම්භ වී,මාර්තු මස තිස් [30] වන දින අවසන් වීමට නියමිතය. පිළිමළුන් පිටු දැකීමේ අදියරයේ පූර්ව අර්ධ අවසන් පූර්ව තරග [pre-quarter final] අප්‍රේල් මස පස් [5] වනදා සහ හය [6] වනදා පැවැත්වීමට නියමිත අතර. අර්ධ අවසන් පූර්ව තරග [quater final] අප්‍රේල් මස දහනව [19] වනදා සහ විසි [20 ] වනදා පැවැත්වීමට නියමිතය. අවසන් පූර්ව තරග [semi final] අප්‍රේල් මස විසි හය [26] වන දින සහ විසි හත් [27] වන දින පැවත් වනු ලබන අතර, අවසන් මහා තරගය [final]මැයි මස තුන් වන [ 03] දින පැවැත්වේ.

සෑම තරගයක් සදහාම වෙළද සේවා ක්‍රිකට් සංගමය විසින් පත් කරන ලද තරග තීරකවරයකු, ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමය [ACUSL] පත් කරන ක්‍රිකට් විනිසුරුවන් සහ ලකුණු සටහන් කිරීමට සහ ඩක්වර්ත් – ලුවිස් – ස්ටර්න් ක්‍රමය [DLS] කළමණාකරනය කිරීමට හැකි ශ්‍රී ලංකා ක්‍රිකට් ලකුණු සටහන් කරුවන්ගේ සංගමය විසින් පත් කරන ලකුණු සටහන් කරුවන් ද යොදවනු ඇත.

අවසන් මහා තරගය දක්වා සෑම තරගයක් සදහාම, වෙළද සේවා ක්‍රිකට් සංගමය විසින් ම පකිස්තානයෙන් ආනයනය කරන ලද, වෙළද සේවා ක්‍රිකට් සංගමයේ නිල ලංජනය මුද්‍රනය කර ඇති GOC ලීග් රතු ක්‍රිකට් පන්දු භාවිතා කරනු ලැබේ. මෙම පන්දු ආනයන වියදමටම කණ්ඩායම් වෙත සපයනු ඇත.

තරගාවලියේ හොදම පිතිකරු , හොදම පන්දු යවන්නා. තරගාවළියේ වීරයා, අවසන් තරගයේ වීරයා ලෙස විශේෂ ත්‍යාග පිරිනැමීමක් සිඳු කිරීමට නියමිතය

ගිය වසරේ අවසන් තරගය
2024 අප්‍රේල් මස හත් 7 වනදා වෙළද සේවා ක්‍රකට් සංගම් පිටියේ පැවැති MCA ‘F’ කාණ්ඩයේ පන්දු වාර 25 ලීග් ක්‍රිකට් තරගාවළියේ අවසන් තරගයේදී එච්එන්බී ‘බී’ [HNB ‘B’] පිළ ඩයලොග් ඇක්සියාටා [Dialog Axiata] පිළ කඩුළු හතකින් පරාජය කරමින් ශුරතාව හිමි කර ගත්හ.

වෙළද සේවා ක්‍රිකට් සංගමයට නිළ වශයෙන් අනුග්‍රාහකත්වය ප්‍රදානය කිරීමේ නිල උත්සවය සහ මාධ්‍ය සාකච්ඡාව 2025 මාර්තු මස හත් [07] වනදා පස්වරු 0630 ට වෙළද සේවා ක්‍රිකට් සංගමයේ ලෙජන්ඩ්ස් [Legends Wing] ශාලාවේදී පවත්වන ලද අතර, එහිදී නිල අනුග්‍රාහකත්වය සිමාසහිත ෆෙයාෆස්ට් රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී සංදීප් ගෝපාල් විසින් වෙළදසේවා ක්‍රිකට් සංගමයේ සභාපති මහේශ් ද අල්විස් අතට පත් කරන ලදී.

මෙම අවස්තාවට සිමාසහිත ෆෙයාෆස්ට් රක්ෂණ සමාගමේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිළධාරී රවිශංකර් වික්නේස්වරන් සහ ප්‍ර ධාන විකුණුම් සහ වෙළද නිළධාරී ඩිලාන් මිචෙල් සහභාගී වූ අතර වෙළදසේවා ක්‍රිකට් සංගමය නියෝජනය කරමින් එහි ප්‍රධාන ලේකම් රොහාන් සෝමවංශ සහ අනුග්‍රාහකත්ව කමිටුවේ සභාපති හසිත දසනායක සහභාගී වූහ.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan