*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

ඈ විශ්මයට සමානය – ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ඨතම ක්‍රීඩිකාව බේබී

ලෝකයේ විශිෂ්ඨතම ක්‍රීඩිකාව සම්බන්ධයෙන් විවිධ ආයතන,සංවිධාන,පුද්ගලයින් කරන ලද සියළුම විමසා බැලීම්වලදී සහ පර්යේෂණවලදී සෑම තැනකම දකින්නට ඇති අපූරු ක්‍රීඩිකාවකි බේබ් ඩිඩ්රික්සන් සහරියාස්.ඇමෙරිකානු කාන්තාවක් වන බේබි සත් දෙනෙකුගෙන් යුත් පවුලක හය වැන්නිය ලෙස උපන්නාය.ටෙක්සාස් හී උපත ලැබූ බේබිගේ මුල් නෝර්වේ දක්වා විහිදෙන්නේය.ඒ ඇයගේ පියා සහ මව නොර්වේ සිට ඇමෙරිකාවට සංක්‍රමණය වූවන් නිසා ය.

බේබි ලොව බිහි වූ අති විශිෂ්ඨ ක්‍රීඩිකාව ලෙස හඳුන්වන්නේ ඇය මලල ක්‍රීඩා,ගෝල්ෆ්,බාස්කට් බෝල් සහ බේස්බෝල් යන ක්‍රීඩාවන්ගෙන් දැක් වූ දක්ෂතාවය හේතුවෙන්ය.එහිදී ඇය මලල ක්‍රීඩාවේ දී ඔලිම්පික් රන් පදක්කම් දෙකකට සහ එක් රිදී පදක්කමකට උරුම කම් ඇත්තියක් විය.එක් ජවන ඉසව්වකට සහ පිටියේ ඉසව් දෙකකට ඇය එසේ පදක්කම් දිනා ගත්තාය.එය තව දුරටත් විශ්මිත හැකියාවක් වෙන්නේ ඒ ඉසව් තුන ධාවන,වීසි කිරීම් සහ පැනීම් යන තෙ’වර්ගයේ දක්ෂතාවයන් බැවිනි.1932 වර්ශයේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ඔලිම්පික් උළෙලේ දී ඇය මෙම දස්කම පෑවාය.මීටර් 80 කඩුලු මතින් දිවීමෙන් සහ හෙල්ල වීසි කිරීමෙන් රන් පදක්කම් දිනා ගත් බේබී,උස පැනීමේ ඉසව්ව නිමා කළේ රිදී පදක්කම ගෙල ලා ගැනීමෙන්ය.

ඇය සම්බන්ධයෙන් කෙරුණු රූපවාහිනි නාට්‍ය මාලාවක් සුසාන් ක්ලාක් බේබි ලෙස

ඇය කාන්තා ගොල්ෆ් ක්‍රීඩාවේ පතාක වීරවරියක්ය.කාන්තා වෘත්තීය ගෝල්ෆ් ලීගයේ විශාල ජයග්‍රහණ ගණනකට හිමිකම් කියූ ඇය ගෝල්ෆ් ක්‍රීඩාවේ විශිෂ්ඨයන් අතරට නිල වශයෙන්ම ඇතුළත් ය.1940 සිට 1954 දක්වා වන වසර 14 ක් කාල පරිච්ඡේදයක් ලොව විශිෂ්ඨතම රගර් ක්‍රීඩිකාවන් ගැටෙන තරගාවලි ගණනාවක ජයග්‍රහණය ලබන්නට තරම් ඇය දක්ෂ වූවාය.

බේබ් ඩිඩ්‍රික්සන් පමණක් වූ ඇයගේ නම අගට සහාරියාස් යන්න එකතු වූයේ විවාහයෙන් ඉනික්බිතිවය.ගොල්ෆ් පිටියේ බැදී ප්‍රේමයක් වූ ඇයගේත් ජෝජ් සහාරියාසිගෙත් විවිහය සිඳු වී ඇත්තේ 1938 දෙසැම්බර් 23 වන දා ය.ඔවුන් දෙදෙනාගේ එකතුව තවත් සහාරියාස් කෙනෙක් මෙලොවට ලබා දෙන්නට තරම් පොහොසත් නොවුණාය.ඒ ගැන කම්පාවක් ඔවුන් තුළ තිබුණාට සැක නැතවරක් ඔවුන් දරු උණුසුම අපේක්ෂාවෙන් දරුවෙක් හදා වඩා ගන්නට උථ්සාහ කළ ද ඒ මොහොතේ ඊට නීතිමය අවසරයක් ලැබී නැත.

බේබි සහ ජෝර්ජ්

1953 දී ඇය බඩවැල්වල පිළිකා තත්ත්වයකට ගොදුරු වූවාය.ප්‍රතිකාර අතර ඒ වේදනාව සමඟම ඇය 1954 දී ඇමෙරිකානු කාන්තා විවෘත ගෝල්ෆ් සූරිය වන්නට තරම් දරා ගැනීමෙන් ඇය පොහොසත්ව උන්නාය.එහෙත් ඇයට 45 විය සපිරෙද්දී 1956 වසරේදී ජීවිතයෙන් නික්ම ගියා ය.ඒ වසර 45 තුළ ඇය තැබූ ක්‍රීඩා මතක සහ පෙන් වූ හැකියාව අදටත් ලොව එදා මෙදා තුර බිහි වූ විශිෂ්ඨතම ක්‍රිඩිකාව ලෙස හඳුන්වන්නට ප්‍රමානවත්ය.

ඊයේ කාන්තා දිනය ය.ඒ නිසා බේබි ගැන මතක ලොව නන්දෙස මාධ්‍යවල මතුව තිබෙනු දුටුවාය .ඒ විශිෂ්ඨ හැකියාවන් කාන්තාවන්ගේ ක්‍රීඩාව ගැන මතක් වෙද්දි නිරන්තරයෙන් මතකයට නැඟෙනු සාමාන්‍ය දෙයක්ය.නමුත් සැබෑවනම් ඇය ලිංගමය වශයෙන් වෙනසක් නොකර නිරන්තරයෙන් හැදෑරිය යුතු අසමසම හැකියාවක් තිබූ මානවයෙක්ය.එය විශ්මිතය.එහි ඉගෙන ගන්නට ජීවිතයට බොහෝ දේ තිබෙනු ඇත.එක දෙයක් පමණක් නොව බොහෝ දේ එක් අයෙකුට කළ හැකි බව ලෝකයට කියා දුන් අපූරුම උදහරණයක් ලෙස බේබ් ඩිඩ්රික්සන් සහරියාස් මේ කප පවතින තුරු නොමැකී දිලෙමින් පවතින බව සහතිකය.කාන්තා දිනය සමඟ, අමතක කර මතකයෙන් පිස දමමින් සිටින මොහොතක ඇයගේ සදාකාලික වටිනාකම ගැන අප මතක් කරන්නට සිතුවේ ඇය සදාකාලික විරවරියක් වන බැවිනි.

ඇය බේස්බෝල් ක්‍රීඩිකාවක වූවාය.පිරිමින් හා තරග වඳින්නට තරමේ හැකියාවක් පෙන්නුවාය.පිචර් (පන්දු යොමු කරන්නා) ස්ථානය ඇයගේ ක්‍රීඩා කිරීමේ ස්ථානය විය. ඊට අමතරව අද ද ලෝකයේ වැඩිම දුරක් බේස් බෝලය වීසි කළ කාන්තාව හැටියට බේබිව හඳුන්වන්නීය.පැසි පන්දුවෙන්ද සුපිරි දක්ෂතා පෙන්වන්නියක වූ බේබි ක්‍රීඩාවට අමතරව ගායිකාවක හැටියටද කැපී පෙණුනාය.ගීත කිහිපයක් පටි ගත කළාය.එසේම දක්ෂ මැහුම්කාරියක ලෙස ද අය පතළය.බොහෝ විට ඇයගේ ගෝල්ෆ් ඇඳුම් මසා සකසා ගත්තේ ඇය විසින්මය.ක්‍රීඩාවට මෙන්ම සංගීතයට,මැහුම් විෂයට මෙතරම් දක්ෂ සංවේදී ඇය විධිමත් අධ්‍යාපනයේ දි අසමත් වූවා ය.බොහෝ විට එම රටාව ඇයට අප්‍රිය විය.අටවන වසරේදී ම ඇය එම රටාවෙන් අත් මිදී ඉවතට යන්නට ඉඩ තිබුණත්,වැඩිහිටි බලපෑඹ මත ඇය යළිත් තමන්ට වඩා වසරක් බාල පිරිස සමඟ රැඳෙමින් එම කඩ ඉම පැන්නාය.එහෙත් උසස් අධ්‍යාපනය සඳහා සරසවි ගත වීම අත හැරි ඇය ඒ අවස්ථාව එළැඹ තිබූ මොහොතේ පැසිපන්දුව හා විසුවාය.

ඇය ගැන ලියැවි පොත් කිහිපයක්
ඇයගේ නමින් නම් කළ උද්‍යානයක්

මේ අසමසම හැකියාව පදනම් කරගෙන ඇය ගැන ලෝකයේ බොහෝ සාහිත්‍යය කලා නිර්මාණ බිහි වී ඇත.ඇයගේ ජීවිතය ඒ ආකාරයටම හඹා යන්නට නොහැකි තරමේ විශාල හැකියාවන්ගෙන් පුරවා ඇති ඒකකි.එහෙත් ඉන් දෝතක් වුව මිනිසෙක්ට ජීවිතයේ විශාල ප්‍රමානයක් බව සැක නැත.ඒ්වාට ගැහැණු පිරිමි බේද නැත.කළ නොහැක්කක් නොමැත බව තේරුම් ගන්නට බේබි බේබිමය නොවන විසල් මතකයක්ය.විශ්මයක් වන තරමට ඇත්තම ඇත්ත මනුස්සෙක්ය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan