උද්ඝෝෂණ මැඩපැවැත්වීමේ වගකීමක් ආණ්ඩුවට තිබෙනවා – පා.ම වීරසිංහ (VIDEO)

උද්ඝෝෂණ කිරිමෙයිතිය ජනතාවට තිබුණද ආර්ථිකය කඩාකප්පල් කරන, ජන ජීවිතය කඩාකප්පල් කරන උද්ඝෝෂණ මැඩපැවැත්වීමේ වගකීම ආණ්ඩුවට තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වීරසිංහ මහතා පවසයි.

එම නිසා ජනතාව මෙම තත්ත්වය තේරුම් ගත යුතු වන අතර බදු අයකර තිබෙන්නේ සාමාන්‍ය රැකියාවල් කරන ගුරුවරයාගෙන්,පොලිස් නිලධාරියාගෙන්,ග්‍රාම නිලධාරීවරයාගෙන්,සංවර්ධන නිලධාරීගෙන් නොවන බවත් ඔවුන්ට ඉන් බලපෑමක් නොමැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

බදු ගසා ඇත්තේ විශාල වැටුපක් ලාබා ගන්නා අයාගෙන වන අතර ඔවුන් දැන් සෙසු පිරිස්ද සමඟ පාරට බැසීමට කටයුතු යොදමින් සිටින බවයි ඔහු පවසන්නේ.

රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති කර දේශපාලන බලය ලබා ගැනීමේ වෑයමක් පවතින විරෝධතා පසුපස ඇති හෙයින් එය ජනතාව තේරුම්ගත යුතුවන බව වීරසිංහ මන්ත්‍රීවරයා කියාසිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

රනිල් සහ හිටපු ජනාධිපති ලේකම්වරයාට එරෙහි නඩුව නොවැම්බර් 11ට කල් යයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : හිටපු ජනාධිපති රනිල්...

උද්ධමනය ගැන මහබැංකු අධිපතිගෙන් පුරෝකථනයක්!

කොළඹ LNW:දැනට පවතින8%ක උද්ධමන අනුපාතය මෙම වසර තුළ සහ...