උද්ඝෝෂණ මැඩපැවැත්වීමේ වගකීමක් ආණ්ඩුවට තිබෙනවා – පා.ම වීරසිංහ (VIDEO)

Date:

උද්ඝෝෂණ කිරිමෙයිතිය ජනතාවට තිබුණද ආර්ථිකය කඩාකප්පල් කරන, ජන ජීවිතය කඩාකප්පල් කරන උද්ඝෝෂණ මැඩපැවැත්වීමේ වගකීම ආණ්ඩුවට තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වීරසිංහ මහතා පවසයි.

එම නිසා ජනතාව මෙම තත්ත්වය තේරුම් ගත යුතු වන අතර බදු අයකර තිබෙන්නේ සාමාන්‍ය රැකියාවල් කරන ගුරුවරයාගෙන්,පොලිස් නිලධාරියාගෙන්,ග්‍රාම නිලධාරීවරයාගෙන්,සංවර්ධන නිලධාරීගෙන් නොවන බවත් ඔවුන්ට ඉන් බලපෑමක් නොමැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

බදු ගසා ඇත්තේ විශාල වැටුපක් ලාබා ගන්නා අයාගෙන වන අතර ඔවුන් දැන් සෙසු පිරිස්ද සමඟ පාරට බැසීමට කටයුතු යොදමින් සිටින බවයි ඔහු පවසන්නේ.

රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති කර දේශපාලන බලය ලබා ගැනීමේ වෑයමක් පවතින විරෝධතා පසුපස ඇති හෙයින් එය ජනතාව තේරුම්ගත යුතුවන බව වීරසිංහ මන්ත්‍රීවරයා කියාසිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...