13 දා සිට අදියර ලෙස වෛද්‍යවරු වැඩවර්ජනයේ – 15 රටේම රෝහල් වැසෙයි (VIDEO)

Date:

අසාධාරණ බදු සංශෝධනයට එරෙහිව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතු ඇතුළු සෙසු වෘත්තීය සමිති එක්ව ගෙන යන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පූර්ණ සහය ලබාදෙන අතර එළඹෙන 13 වැනිදා සිට රෝහල් පද්ධතිය වැඩවර්ජනය සමඟ එක්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කළේය.

අද (10) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ 13 වන සදුදා දින උදෑසන 8.00 සිට බස්නාහිර,මධ්‍යම,නැගෙනහිර සහ දකුණු යන පළාත් 4 හි සියලුම රෝහල්වල වැඩවර්ජන ක්‍රියාමාර්ග ආරම්භ වන අතර 14 වැනිදා උදෑසන 8.00 සිට වයඹ,උතුරු මැද,උතුර,ඌව සහ සබරගමුව යන පළාත් 5 හි සියලුම රෝහල් මෙම වැඩවර්ජන ක්‍රියාවලියට සම්බන්ධ වන බවයි.

අනතුරුව 15 වැනිදා සිට අඛණ්ඩ දීපව්‍යාප්ත වැඩවර්ජනයක් රට පුරා සියලුම රෝහල් ආවරණය වන පරිදි ආරම්භ වන බවයි විජේසිංහ මහතා කියාසිටියේ.

වර්ජන කාල සීමාව තුළ හදිසි ප්‍රතිකාර සේවා කිසිසේත් සීමා කිරීමක් සිදු නොවන අතර හදිසි සේවාවන් අඛණ්ඩව පවත්වා ගැනීමට අවශ්‍ය සියලු පියවර ගනු ලබන බවද ඔහු සඳහන් කරන ලදී.

කෙසේවෙතත් රජයට අවධාරණය කරන්නේ වෘත්තීය මට්ටමින් මෙම ප්‍රශ්නය විසඳා ගැනීමට සූදානම් නම් එයට තවදුරටත් අවස්ථාව ඇති බවද වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...