ට්‍රම්ප් ගේ නොනවතින බදු ගැසීම් හා ලෝක වෙළෙද යුද්ධය….!

Date:

අශෝක ජයතුංග

මාර්තු 12 වොෂින්ටන් LNW :

🍎ජනතාවට පොරොන්දු දේ කරන ට්‍රම්ප්ගේ අදීන රාජ්‍ය තාන්ත්‍රිකත්වය…..!

🍎බදු දැලේ දෙවන වටයට ඉන්දියාව දකුණු කොරියාව හා ඊජිප්තුවත් බිළි……!

🍎තෙවන බදු දැළකුත් එන බව “ද වෝල් ස්ට්‍රීට් ජර්නල්” කියයි…?

🍎තෙවන බදු දැළට ලංකාව හා දකුණු ආසියාවත් බිළි…..?

🍎ඇමෙරිකාවේ වැඩිම වාහන සැපයුම්කරු ජපානය ගැන නිහඬ පිළිවෙත කුමක්ද….?

🍎 බදු අසාධාරණ බවට ට්‍රම්ප් ට එරෙහිව WTO වෙත නඩු රැසක්..!

යුක්රේනය,ඉරානය හා හමාස් සංවිධානයේ කරටි මිරිකා යුද්ද වලට තිත තැබූ ජනපති ට්‍රම්ප් ඇමෙරිකාවට සාධාරණය ලබා ගන්නා වෙළෙද යුද්ධයක් අරඔා තිබේ. ඇමෙරිකාව ලොව ප්‍රබලම ජාතිය කිරීම ට්‍රම්ප් ගේ නොනිමි අරගල හා සිහිනය වේ.

තම යාබදම රටවල් දෙක වන කැනඩාව හා මෙක්සිකෝවට 25% ක අධික බදු ගැසු පසු කැනඩා අගමැති හා මෙක්සිකෝ ජනපතිනිය සමග කල කතාබහකදී එය මාසයක් පසුපසට තල්ලු කළ ට්‍රම්ප් එය ගෙඩි පිටින්ම යළි පැනවීමට තීන්දු කොට තිබේ. තමන් ද ඇමෙරිකානු භාණ්ඩ සදහා අධික බදු පනවන බව එම දෙරටම ප්‍රකාශ කලා පමණක් නොව ලෝක වෙළෙද සංවිධානයේ (WTO) හි ට්‍රම්ප්ට එරෙහිව නඩු පැවරීමට ද ඔවුහු ක්‍රියා කිරීමට සැරසේ.

චීනයට බදු ගැසූව ද ඔවුන් ඇමෙරිකානු වෙළෙද පොළ පමණක් නොව ලෝක ව්‍යාප්ත වෙළෙද පොළක ක්‍රියාත්මක වන නිසා ඹවුන්ට පැනවූ 10% ක බද්දට සාපේක්ෂව ඇමෙරිකාවෙන් චීනයට එන භාණ්ඩ වලට ද විශේෂ බද්දක් පනවන බව ප්‍රකාශ කොට තිබේ. තවද WTO වෙත නඩු දමමින් ලෝක වෙළෙද සාමයට ඇමෙරිකාව බාධා කරන බවට ද පැමිණිලි කිරීමට චීනය සැරසේ.

ට්‍රම්ප් ගේ දෙවන බදු වටයට බිළි වන්නේ ඉන්දියාව දකුණු කොරියාව හා ඊජිත්තුවය. එය අප්‍රේල් 02 සිට පැනවේ. විශේෂයෙන් ඉන්දියාව වසරකට ඩො බිලි 90 ක භාණ්ඩ ඇමෙරිකාවට අපනයනය කරන අතර එය ඉන්දියානු අපනයන වලින් 24% කි. ඇමෙරිකාව විසින් ඉන්දියාවට අපනයනය කරනුයේ ඩො බිලි 42 ක භාණ්ඩ පමණි. ඉන්දීය වෙළෙද ඇමති වහාම වොෂින්ටන් වෙත පියාසර කිරීමට හා බදු ප්‍රතිපත්ති වලට අදාළ ට්‍රම්ප් ගේ ප්‍රධාන උපදේශකයා හමුවීමට ද තීන්දු කොට තිබේ. එහෙත් කැනඩා හා මෙක්සිකානු නායකයන් ට්‍රම්ප් හමුවී කළ සාකච්ඡා වලින් පවා ට්‍රම්ප් ප්‍රතිපත්තිය වෙනස් කිරීමට නොහැකිවූ පසුබිමක ඉන්දියානු ඇමතිවරයාගේ වොෂින්ටන් සංචාරයෙන් ඉන්දියාවට මහගු ප්‍රතිළුල ලැබෙතැයි සිතීම අසීරුය.

මේ අතර ඇමෙරිකාවේ ප්‍රධානම ආර්ථික සඟරාව හා වෙබ් අඩවිය වන “ද වෝල් ස්ට්‍රීට් ජර්නල්” එළිදක්වා තිබුණේ තුන්වන බදු වටයක් ද පැමිණීමට නියමිත බව හා එම වටයට දකුණු ආසියාව ප්‍රමුඛ ආසියානු රටවල් ඉලක්ක වන බවය. එනම් බංකොලොත් බවින් මිදෙන්නට දගලන ශ්‍රී ලංකාවටත් ට්‍රම්ප් ගේ බදු නමැති කඩු පහර එල්ලවීමේ අවධානමක් පවතින බව ඉන් ඉගි කොට තිබිණ.ලංකාව වසරකට ඩො බිලියන 03 කට වැඩි අපනයන ඇමෙරිකාවට යවන අතර ඇමෙරිකාවෙන් ගෙන්වන්නේ ඩො මිලියන 350 ක පමණ භාණ්ඩ පමණි. ඒ අතර වාහන හා එම අමතර කොටස් ප්‍රමුඛස්ථානයක් ගන්නා අතර ලංකාව පසුගියදා වාහන ආනයනයේදී පෙර තිබූ බදු වලටත් වඩා ඉතා ඉහළ බදු ප්‍රතිපත්තියකට යාම ඇමෙරිකාව කෙසේ තේරුම් ගනීද යන්න ගැටලුකාරීය. ඇමෙරිකාවට වැඩිම වාහන යවන රට ජපානය වුවද තවම එරටට අදාළ බදු ප්‍රතිපත්තිය එළිදැක නැත. එම ජපන් වාහන වලින් අති බහුතරයක් ඇමෙරිකාවේදී එකලස් කිරීම ඊට හේතුව වන්නට බැරි නැත.තවද හොන්ඩා සමාගමඩො බිලියන 500 ක් ඇමෙරිකාවේ ආයෝජනය කිරීමට සැරසීම තවත් හේතුවක් වන්නට පුළුවන.

ට්‍රම්ප් උත්සාහ කරනුයේ ඇමෙරිකාවට මෙතෙන් ලෝක යුද්ධ හා වෙළෙද ගනුදෙනු වලදී ඇතිවූ අසාධාරණයක් වේ නම් එය නිවැරද කොට ඇමෙරිකානු ආර්ථිකයට වෙනත් කිසිදු රටකට කිට්ටු වන්නටවත් බැරිවන ලෙස වඩාත් ශක්තිමත් කිරීමය. ඡන්ද වලදී ජනතාවට කී දේ ට්‍රම්ප් ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට පසුබට නොවීම ජනතාවට කී දේ ඒ අයුරින්ම ඉටුකරන අදීන රාජ්‍ය නායකත්ව සංකල්පය ලොවටම ඔප්පු කොට පෙන්වීමකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...