අධිකරණ ප්‍රතිසංස්කරණ වලට එරෙහි ඊශ්‍රායලයේ විරෝධතා අඛණ්ඩවම 10වන සතියටත්

Date:

අධිකරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණයක් සඳහා වන රජයේ සැලසුම්වලට එරෙහිව ඊශ්‍රායලයේ ඇරඹි විරෝධතාවයන් අඛණ්ඩව 10වන සතියටත් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව වාර්තා වේ.

විශ්ලේෂකයන් පවසන පරිදි බෙන්ජමින් නෙතන්යාහුගේ රජය විසින් ගෙන එන අධිකරණ ප්‍රතිසංස්කරණ මඟින් විනිශ්චයකාරවරුන් තෝරා ගැනීම සම්බන්ධයෙන් පවතින රජයට බලපෑම් කිරීමට ඇති හැකියාව හා විධායකයට එරෙහිව තීන්දු කිරීමට හෝ නීති සම්පාදනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට ඇති හැකියාව සීමා කරනු ඇති බවත් එමඟන් ඒකාධිපතිත්වය හිස ඔසවන බවත්ය.

මෙයට විරෝධය දක්වනු වස් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් දැන් සති දහයක් පුරාවය ඊශ්‍රායලයේ නන් දෙසින් වීදි බැස තිබේ. ඒ අනුව ටෙල් අවිව්හි 200,000ක් පමණ වීදි බැස ඇති අතර ඊයේ (11) දිනය වන විට ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතාකරුවන් 500,000ක් පමණ වීදිබැස තිබූ බව ඊශ්‍රායල හාරෙට්ස් පුවත්පත වාර්තා කරමින් කියා තිබුණේ මෙය ඉතිහාසයේ විශාලතම විරෝධතාවය බවයි.

කෙසේ නමුත් බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ මෙම ප්‍රතිසංස්කරණ සැලසුම් කර ඇත්තේ අධිකරණයට ඔවුන්ගේ බලතල ඉක්මවා යාම නැවැත්වීමට බවත්, ඒ වෙනුවෙන් පසුගිය මැතිවරණයේදී ඊශ්‍රායල මහජනතාව විසින් ඡන්දය ප්‍රකාශ කර සිය කැමැත්ත ප්‍රකාශ කළ බවත් ය.

~ සශිකලා මධුෂාණී

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...