අධිකරණ ප්‍රතිසංස්කරණ වලට එරෙහි ඊශ්‍රායලයේ විරෝධතා අඛණ්ඩවම 10වන සතියටත්

Date:

අධිකරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණයක් සඳහා වන රජයේ සැලසුම්වලට එරෙහිව ඊශ්‍රායලයේ ඇරඹි විරෝධතාවයන් අඛණ්ඩව 10වන සතියටත් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව වාර්තා වේ.

විශ්ලේෂකයන් පවසන පරිදි බෙන්ජමින් නෙතන්යාහුගේ රජය විසින් ගෙන එන අධිකරණ ප්‍රතිසංස්කරණ මඟින් විනිශ්චයකාරවරුන් තෝරා ගැනීම සම්බන්ධයෙන් පවතින රජයට බලපෑම් කිරීමට ඇති හැකියාව හා විධායකයට එරෙහිව තීන්දු කිරීමට හෝ නීති සම්පාදනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට ඇති හැකියාව සීමා කරනු ඇති බවත් එමඟන් ඒකාධිපතිත්වය හිස ඔසවන බවත්ය.

මෙයට විරෝධය දක්වනු වස් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් දැන් සති දහයක් පුරාවය ඊශ්‍රායලයේ නන් දෙසින් වීදි බැස තිබේ. ඒ අනුව ටෙල් අවිව්හි 200,000ක් පමණ වීදි බැස ඇති අතර ඊයේ (11) දිනය වන විට ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතාකරුවන් 500,000ක් පමණ වීදිබැස තිබූ බව ඊශ්‍රායල හාරෙට්ස් පුවත්පත වාර්තා කරමින් කියා තිබුණේ මෙය ඉතිහාසයේ විශාලතම විරෝධතාවය බවයි.

කෙසේ නමුත් බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ මෙම ප්‍රතිසංස්කරණ සැලසුම් කර ඇත්තේ අධිකරණයට ඔවුන්ගේ බලතල ඉක්මවා යාම නැවැත්වීමට බවත්, ඒ වෙනුවෙන් පසුගිය මැතිවරණයේදී ඊශ්‍රායල මහජනතාව විසින් ඡන්දය ප්‍රකාශ කර සිය කැමැත්ත ප්‍රකාශ කළ බවත් ය.

~ සශිකලා මධුෂාණී

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF ප්‍රොජෙක්ට් එකට ලෙනින් මොකටද ?

ලෙනින්වාදය කියන්නෙ බොහෝම සද්භාවයෙන් පටන් අරන් නමුත් ප්‍රායෝගික තලයේදී...

තරගාවලිය සම වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 25, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ඉන්දියාව...

ශ්‍රී දළදා මාලිගාව පවත්වාගෙන යන්න දවසට රුපියල් ලක්ෂ 50ක් ඕනෑ – දියවඩන නිලමේ

සටහන - රුවන් නෙළුගොල්ල මහනුවර ශ්‍රී දළදා මාලිගාව පවත්වාගෙන යාමට...

අද වනවිට රාජ්‍ය සේවය දේශපාලනීකරණය කිරීමට ජනාධිපතිතුමා විශාල උත්සාහයක් දරන බව පේනවා – මුජිබර්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගය මැතිවරණයට පෙර පැවසූ...