ලංකාවේ ආර්ථික තත්ත්වය පිරිහිලා! – බ්‍රිතාන්‍ය රජයෙන් සංචාරකයන්ට උපදෙස්

Date:

රටෙහි පවතින ආර්ථික තත්ත්වය ඇතුළු කරුණු කිහිපයක් මුල්කොට ගෙන බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකාවට අදාළව සංචාරක සීමා උපදෙස් නිකුත් කර තිබේ.

ඉකුත් මාර්තු 07 වන දින යාවත්කාලීන කොට මේ දක්වා වලංගු වන පරිදි නිකුත් කර ඇති මෙම සංචාරක සීමා වලින් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිරිහෙමින් පවතින බවත්, පුද්ගලයන්ගේ මූලික අවශ්‍යතා සඳහා වැදගත් වන භාණ්ඩ වල හිඟයක් රට තුළ මතුව ඇති බවත් ය.

ආනයන සඳහා මුදල් ගෙවීමට ඇති අපසුතාව මධ්‍යයේ ඖෂධ, ඉන්ධන සහ ආහාර ආදී අත්‍යවශ්‍ය භාණ්ඩ රට තුළ හිඟ වෙමින් පවතින බව එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම, රට තුළ ගෑස්, ඖෂධ හා අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිළඳී ගැනීම සඳහා දිගු පෝලිම් දක්නට ඇති බවත්, විදුලි සැපයුම සීමා කිරීම මත විදුලි ඇණහිටීම් හටගන්නා බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

මීට අමතරව, ඉකුත් 2019 වර්ෂයේ සිදුවූ පාස්කු ඉරු දින ප්‍රහාරය සිහිපත් කරමින් බ්‍රිතාන්‍ය රජය තම සංචාරක උපදෙස් නිවේදනයේ සඳහන් කරන්නේ, ත්‍රස්ත කණ්ඩායම් ත්‍රස්ත ප්‍රහාර දියත් කිරීමේ අවදානමක් රට තුළ පවතින බවත්, මෙම ප්‍රහාර විදේශිකයන් ගැවසෙන ස්ථාන ඉලක්කකරගනිමින් දියත් වීමට ඉඩ තිබෙන බවත් ය.

සම්පූර්ණ වාර්තාව කියවීමට පිවිසෙන්න: https://www.gov.uk/foreign-travel-advice/sri-lanka

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...

අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමති රාජිතට නොතීසි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 29 වැනිදා...