ලබන සතියේ අපි IMF හමුවෙනවා, අපේ එකම ඉල්ලීම IMF හරහා මාතෘ, ළමා මන්දපෝෂණය තුරන් කිරීමේ වැඩසටහනක් ලබා ගැනීමයි – සජිත්

Date:

මේ රටේ ළමා, ළදරු හා මාතෘ මන්දපෝෂණය ඉහළ මට්ටමක ඇති බවත් 2022 සිදු කළ සංගණයක දී වයස අවුරුදු 5-18 අතර දරුවන්ගෙන් 25%ක් අඩු බර දරුවන් බවට අනාවරණය වී ඇති බවත් තවත් මෙවැනි සංඛ්‍යාලේඛන ගණනාවකින් මන්දපෝෂණය වර්ධනය වී මව්වරු හා දරුවන් අවදානම් කොට්ඨාසයක් ලෙස මන්දපෝෂණ තත්ත්වය නිසා පීඩා විඳින බැවින් ඉදිරි දින කිහිපය තුළ සමගි ජන බලවේගය ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස් හමුවීමට යන බැවින් වහාම මේ රටේ මව්වරුන්ගේ, ළදරුවන්ගේ, දරුවන්ගේ හා පාසල් දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය මඟහරවා ගැනීමට විශේෂිත අයි.එම්.එෆ්. ආධාරක වැඩසටහනක් අවශ්‍ය බව පවසන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අයි. එම්. එෆ්. එක, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු මූල්‍ය ආයතන එකට එකතු වී විශේෂිත අරමුදලක් ස්ථාපිත කොට මෙම මන්දපෝෂණ තත්ත්වයෙන් මුදවා ගැනීමට විශේෂිත ජාතික වැඩසටහනක් අවශ්‍ය බවට යෝජනා කරන බවත් මන්දපෝෂණය වර්ධනය වීම යනු විෂම චක්‍රයක් නිර්මාණය වීමක් බවත් එය රටේ නිෂ්පාදන ධාරිතාවට සෘණාත්මක බලපෑමක් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ඊට අමතරව වහාම ක්‍රියාත්මක කරන පරිදි සියලුම රජයේ පාසල්වල සියලුම සිසුන්ට පාසල් දිවා ආහාර වැඩසටහන ක්‍රියාත්මක විය යුතු බවට යෝජනා කරන බවත් රටේ අනාගතය දරු පරපුර බැවින් මොවුන්ගේ නීරෝගී සම්පන්න භාවය සුරක්ෂිත කළ යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 120 වැනි අදියර යටතේ ගම්පහ දොම්පේ මල්වාන මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට ඊයේ (12) එක්වෙමිනි.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 84 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 84ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4092ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 120ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1201ක් වැය කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අමෙරිකාවේ දරුණු ශීත කුණාටුව අභියස ගුවන් ගමන් අවලංගුවීම්  8,000 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 24 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

දශක තුනක නිහඬතාවය බිඳදමා ළමා අපයෝජන නඩු පිළිබඳ සැඟවුණු සත්‍යය එළියට!

දශක තුනක නිහඬතාවය බිඳදමා ළමා අපයෝජන නඩු පිළිබඳ සැඟවුණු සත්‍යය එළියට!

රොගීන් අතහැර එන්න. දේශපාලන පිටියේදී විසදගමු – සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති වර්ජකයන්ට කියයි.

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:''දේශපාලඥයන් වශයෙන් අපි කරන්නේ...

 ශ්‍රී ලංකා ආයෝජක සමුළුව සාර්ථකව ඩුබායිහිදී..

රෂිකා හෙන්නායක ජනවාරි 24, කොළඹ LNW : කොළඹ කොටස් හුවමාරුව...