එක්ව ගමනක් යාමට එජාපෙන් සජබෙට ලබන 20 වැනිදා තෙක් කල් දෙයි!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 13, කොළඹ (LNW):

ඉදිරියේදී කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීම සඳහා සමගි ජන බලවේගයට ලබන 20 වැනිදා තෙක් කල් ලබා දීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙන බව වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර පැවැති සාකච්ඡාවකදී, මෙම තීරණය ගෙන ඇති බව පැවසේ.

එක්සත් ජාතික පක්ෂය ගත් තීරණය සම්බන්ධයෙන් පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවැති සංවිධායකවරුන්ට පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයේදීද මේ බව දැනුම් දී තිබෙන බවද වාර්තා වේ.

කොළඹ මහ නගර සභාවට අමතරව වෙනත් පළාත් පාලන ආයතන සඳහා එක්ව තරඟ කිරීමට සමගි ජන බලවේගය සූදානම් නම් ඒ සඳහාද ලබන 20 වැනිදා තෙක් කාලය ලබාදීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව, එහිදී ඔහු පවසා ඇති බව සඳහන් වේ.


 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු නායිකාවට සමුදීමට විශාල ජනකායක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ හිටපු නායකයාට...

ජොනීගේ පුතා ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : හිටපු අමාත්‍ය ජොන්ස්ටන්...

ආණ්ඩුවේ සෙල්ලමින් විදේශ ආධාර අර්බුදයක – නාමල්ගෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:ආණ්ඩුව තවදුරටත් විගණකාධිපති තනතුරට පත් කිරීමක් සිදුනොකර කරන...

ට්‍රම්ප් ඇමතූ ඩලස් !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31,, කොළඹ LNW : ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...