සන්නද්ධ සටන්කාමීන් විසින් පැහැරගත් දුම්රියේ සිටි මගීන් 300කට වැඩි පිරිසක් බේරා ගැනේ!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 13 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

පැය 30කට අධික හමුදා මෙහෙයුමකින් පසුව, පකිස්ථානයේ බලුකිස්තාන් කලාපයේ සන්නද්ධ සටන්කාමීන් විසින් පැහැරගත් දුම්රියේ සිටි මගීන් 300කට වැඩි පිරිසක් බේරා ගත් බව එරට හමුදාව පවසයි.

පැහැරගත් දුම්රියේ සිටි මගීන් සංඛ්‍යාව 440ක් අතරින්, 100කට වැඩි පිරිසක් හමුදා සාමාජිකයන් වන අතර, මෙහෙයුමේදී සටන්කාමීන් 33දෙනෙකු මිය ගිය බවද පකිස්ථාන හමුදාව පවසයි.

සටන්කාමීන් ප්‍රාණ ඇපකරුවන් 21 දෙනෙකු සහ හමුදා නිලධාරීන් 04 දෙනෙකු ඝාතනය කර ඇති බව, මෙහෙයුම ආරම්භ වීමට පෙර හමුදා ප්‍රකාශකවරයා පැවසුවේය.

තවත් මගීන් පිරිසක් ප්‍රාණ ඇපයට ගෙන සටන්කාමීන් විසින් වෙනත් ප්‍රදේශයකට රැගොන ගොස් ඇති බවට මේ වන විට තහවුරු වී තිබෙන අතර, එහෙත් එම පිරිස කොපමණදැයි මෙතෙක් තහවුරු වී නැත.  

බලුච් විමුක්ති හමුදාව නමින් හඳුන්වා ගන්නා සන්නද්ධ සටන්කාමීන් කණ්ඩායමක් මෙලෙස පහරදී තිබුණේ පකිස්ථානයේ ක්වෙටා සිට පෙෂාවර් දක්වා ගමන් කරමින් තිබූ දුම්රියකටයි. බලධාරීන් පැය 48ක් ඇතුළත බලුච් දේශපාලන සිරකරුවන් නිදහස් නොකළහොත් ප්‍රාණ ඇපකරුවන් මරා දමන බවට සටන්කාමීන් තර්ජනය කර තිබුණි.


 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුර හෑගොඩයන් විසින් රචිත “හිමකැටි ආදරය” සමඟ ගෙවූ රසවත්...

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...