ජාතික ක්‍රීඩා උළෙලේ රට හරහා දිවීම නෙස්ටමෝල්ට් ජවයෙන් නුවරඑළියේදී

Date:

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 14, (LNW)කොළඹ

ජාතික ක්‍රීඩා උළෙලේ 49 වැන්න මෙවර පැවත්විමට නියමිත අතර ඊට සමගාමීව පැවත්වෙන රට හරහා දිවීමේ තරග මාර්තු 15 වන දා නුවරඑළියේදී පැවත්වේ.වසර ගණනක සිට රට හරහා දිවීම,මැරතන්,ඇවිදීම සහ පාපැදි තරග සඳහා කාන්තා සහ පිරිමි දෙ‘අංශයෙන්ම ජාතික ක්‍රීඩා උළෙලට දායකත්වය දක්වන නෙස්ටමෝල්ට් මේ තරගාවලියේදීත් එම ඉසව් සඳහා දායකත්වය දැක්වීමට ඉදිරිපත්ව සිටියි.විශේෂයෙන්ම නෙස්ට්ලේ සමාගමේ තවත් නිෂ්පාදන විශාල ප්‍රමාණයක් ලංතාවේ ක්‍රීඩාව වෙනුවෙන් අනුග්‍රහය දක්වන අතර එහි විශාල ප්‍රමාණයක් පාසල් ක්‍රීඩාව කෙරෙහි ද යොමු වි ඇත.එහෙත් ආහාර නිෂ්පාදන ආයතන සහ ළමයින් අතර ඇති නීතිමය බාධකයක් මේ වන විට පැන නැඟී ඇති නිසා එම අනුග්‍රහයන් ලබා දීමේ නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව දැකිය හැකි අතර ඒ නිසා එම අනුග්‍රහය මත ක්‍රියා කළ පාසල් ක්‍රීඩා සංගම් ද දැඩි දුෂ්කරතාවයකට මුහුණ දි සිටිනු දැකිය හැකියි.


නෙස්ට්ලේ සමාගම මෙවර රට හරහා දිවීමේ තරගවල ජයග්‍රාහකයන් වෙනුවෙන් ප්‍රථම ස්ථානයේ සිට තෙවන ස්ථානය දක්වා ජයගන්නා තරගකරුවන්ට සහ තරගකාරියනට රුපියල් 50000,40000 සහ 30000 ලෙස ත්‍යාග පිරිනෑම්ට ඉදිරිපත්ව සිටියි.මීට පෙර මෙම තරගාවලිය සමබන්ධයෙන් ජාතික මට්ටමේ මාධ්‍ය ආවරණයක් ලැබුණත් එය මේ වන විට ක්‍රමයෙන් හීන වී ඇත්තේ පසුගිය අසීරු කාලයන් හී එම කීඩා උළෙලවල් ආවරණය කිරීමට ක්‍රීඩා මාධ්‍යවේදීන් රැඟෙන නොයෑම නිසයි.ඒ අනුව ක්‍රිඩාවට විශේෂිත නොවූ ප්‍රාදේශිය මාධ්‍යවේදීන් සිය උපරිමයෙන් මේ ක්‍රීඩා තරග ආවරණය කළ ද,ක්‍රීඩාමය වශයෙන් නිරන්තර සම්බන්ධයක් ක්‍රීඩාව කෙරෙහි ඇති මාධ්‍යකරුවන් තරමට කේෂ්ත්‍රය ගැන අවබෝධයක් නොමැති විමෙන් එයින් ක්‍රීඩාවට ලැබෙන වටිනාකමේ යම් අඬුවක් දැකිය හැකිය.


බොහෝ විට ඉතිහාසයේ සිඳු වූයේ ප්‍රාදේශිය මාධ්‍යෙව්දීන් හා මාධ්‍ය ආයතනවල ජාතික මට්ටමේ වැඩ කරන මාධ්‍යවේදීන් එක්ව මේ කටයුත්ත ආවරණය කිරීමය.උදාහරණයකට ප්‍රාදේශිය මාධ්‍යවේදීන් පමණක් ආවරණය නොකළ නිසා අද වන විට ජාතික මැරතන් සූරයා ලෙස සිටින ආදි වාසී ටී.ඩබ්ලිව් රත්නපාල ක්‍රිඩා කේෂ්ත්‍රෙය් රැඳී සිටින අතර ඔහුගේ දස්කම්වලට අවශ්‍යය පසුබිම පිටුපස දිගටම සිටියේ ක්‍රීඩා මාධ්‍යවේදියෙකුය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...