විමලෙගෙ කොලම : ලේනෝ ලේනෝ මේ පොත අරගෙන අමුතු පොතක් මට සොයා දියෝ

Date:

what are you thinking about jully chung’s point of view කියා ඩිවානයේ සෙන්සෙලෙප්පුවේ ඉන්න ගමන් මෛත්‍රී නෝනා ජනාධිපතිතුමාගෙන් ඇසුවාය.



රනිල් කුස්සිය පැත්තේ ටිකක් බර වැඩක ඉන්න ගමන් ඇසුවේ මොකක් ගැනද ඔයා අහන්නේ කියාය. ඒ ගමන මෛත්‍රී කිව්වේ ජූලි චංග් ඡන්දෙ තියන්න කිව්වා නේද කියාය. ජනාධිපති තුමා කිව්වේ ජූලි මාසෙ විතර බලමු තව කල් තියෙනවා නේ කියාය.

ගේ පිටිපස්සෙන් හීනියට දුමක් මතුවෙනු යන්තම් පෙනී මෛත්‍රී දුවගෙන ගියේ මේ දවස් වල ජනාධිපතිතුමා දාගන්නා කරදර ගැන හිතේ දෙගිඩියාවෙනි. නෝනා කුස්සිය පැත්තට යනකොට එතුමා පිළිකන්නේ කොළොම්බු කොටයක වාඩිවී කිසියම් දෙයක් ගිනි අවුළුවමින් සිටියේය.

ඔය මොකක්ද කරන්නේ කියා ඇසූ මෛත්‍රීට එතුමා කීවේ මේ කිසි කමකට නැති පොත් වගයක් තියෙනවා ඒවා පුච්චලා දානවා කියාය.

0x0

මෛත්‍රී ඇසුවේ ෆයර් මෑන්ලා මැයි නමේ history ගැන ඔයාගේ වැදගත්ම කලෙක්ෂන් එක පුච්චලා දැම්මට පස්සේ philosophy පොත් ටික විතරයි නේද ඉතුරු උනේ, දැන් මොනවද ඔය ගිනි තියන්නේ කියාය.

ජනාධිපතිතුමා ඒකට උත්තරයක් නොදී ටිකක් බැරෑරුම් පෙනුමක් ආරූඪ කරගෙන පොතක් මත ගින්න අවුළුවමින් සිටියේය.

ඔය මොකක්ද අමාරුවෙන් පුච්චන පොත කියා ඇසූ මෛත්‍රීට ජනාධිපතිතුමා කීවේ මේක මේ critique of pure reason කියන පොත දැන් ඉතිං වැඩකට නැහැ තියාගෙන ඉඳලා කියාය.

5145gzzGfCLඔළුවේ අතගසා ගත් මෛත්‍රී නෝනා ඇසුවේ කාන්ට්ගේ critique of pure reason ද කියාය. ජනාධිපති තුමා කිව්වේ නැතුව ඉතින් මෙහෙ එකෙක් ඔහොම පොතක් ලිව්වයැ එම්මෑනුවෙල් කාන්ට් කාරයාගේ පොත තමයි කියාය.

මෛත්‍රී නෝනා ඇස් උඩ තියාගෙන කිව්වේ ඉතින් දැන් රටේ තියන සමහර ප්‍රශ්න philosophically තේරුම් ගන්න ඕකෙ තියෙන සංකල්ප වැදගත් වෙනවනේ  කියාය.

ජනාධිපතිතුමා කීවේ ඕවා කාන්ට්ලා කියන හැටියට තේරුම් ගන්න ගිහින් තමයි මං අමාරුවේ වැටුණේ, මහින්දානන්දලා රත්තරන්ලා එක්ක මේ අවුරුදු හතළිස් තුනේ  වැඩ කරානම් අද මං සක්විති රජෙක් කියාය.

මෛත්‍රී නෝනා ඇසුවේ ඒගොල්ලො ද කාන්ට්ගෙ පොත පුච්චන්න කිව්වේ කියාය.

ජනාධිපතිතුමා කිව්වේ අනේ නැහැ ඒ අසරණයො මේකෙ නමවත් අහලා නැතුව ඇති, ජාජබේ ලාල් කාන්ත නම් ‘ස්පාටකස්’ වගේ ලෝකෙ පබ්ලිෂ් වෙන අලුත්ම පොත් කියවන මිනිහෙක් කියාය.

beyond good and evil 9781625586100 hrගින්න බෝකරන ගමන් තවත් මොන මොනවා හෝ කී රනිල් තව පොතක් අතට අරන් ගින්නට දාන්න හදනකොට මෛත්‍රී දැක්කේ ඒ පොත නීට්ෂේගේ beyond good and evil බවය.

ඔය විදිහට මෛත්‍රී නෝනා කම්මුලේ අත ගසා ගෙන සුසුම් ලද්දී ජනාධිපතිතුමා රෙනේ ඩෙකාට්ස්, වික්ටර් ෆ්‍රැන්කි, ඇරිස්ටෝටල්, සාත්‍රේ ආදීන්ගේ පොත් වියරු සිනා පාමින් ගිනි දෙවියාට බිළිදුන් අතර අන්තිමට මෙතෙක් වෙලා වාඩි වී සිටි කොළොම්බු කොටයක් බඳු පොත ගින්නට විසි කොට නැගිට්ටේය. එතුමා අන්තිමට ගින්නට දමා තිබුණේ ප්ලේටෝගේ රිපබ්ලික් ය.

දැන් මේ සේරම පිච්චුනාම ඔයා මොනවද කියවන්නේ කියා ඇසූ මෛත්‍රී නෝනාට ජනාධිපතිතුමා කිව්වේ මීට වඩා හොඳ පොත් ගාමිණී ලොකුගේගේ ගෙදර ලයිබ්‍රියේ තියෙනවා කියාය.

ජනාධිපතිතුමා ඒ වැඩ ටික අහවර වී අළු පිස දම දමා වොෂ් රූමයට  ගියේය. මෛත්‍රී නෝනා තාන්තුවාවෙන් මෙන් රනිල්ගේ කාමරය වෙත ගොස් හිස්ව තිබුණු පොත් අල්මාරි දෙස බලා සිටියාය. එසැණින්ම ඇයට ඔහුගේ ලියන මේසය මත දිනපොත තිබෙනවා දක්නට ලැබුණි. ඇය කිසිදාක නොකරන වැඩක් කළා ය. රනිල්ගේ දිනපොතක පෙරලුවා ය. එදිනට අදාළ සටහනක් එහි ලියා තිබුණි.

critique of pure reason බල බලා කොහොමද expire වෙච්ච කඳුළුගෑස් ගහන්නේ. Beyond good and evil බල බලා කොහොමද හමුදාවත් එක්ක කුරුඳු පොලු එවන්නේ යන අදහස ඉංග්‍රීසි බසින් එහි ලියා තිබෙනු මෛත්‍රී නෝනා දුටුවාය.



(විමලනාත් වීරරත්න)
නිදහස් මාධ්‍යවේදී

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...