ඉල්ලීම් ඔක්කොම නොදුන්නොත් අපි සියලුම බලාගාර නවතනවා. පුළුවන් දෙයක් කරපල්ලා – ජයලාල්

Date:

තම ඉල්ලීම සියල්ලම ලබාදීමට ආණ්ඩුව කටයුතු කළයුතු බවත් එසේ නොමැති නම් දිවයිනේ සියලුම විදුලි බලාගාර නවතා දමමින් අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නායකයකු සහ ජාතික ජන බලවේගයේ මැතිවරණ අපේක්ෂකයකු වන රංජන් ජයලාල් මහතා තරයේ අවධාරණය කරයි.

“ලංකා විදුලිබල මණ්ඩලයේ අපි ගත්ත තීරණය 100%ක් තහවුරු කරමින් සියලුම සේවකයින් වර්ජනයට සහාය වුණා. 1996 දී පැය 72ක විදුලි වැඩවර්ජනයක් ගියා. අපි මේ මොහොතේ එවැනි තීරණයකට ගියේ නෑ. අපි එවැනි තීරණයකට නොගියේ අපි එහෙම කළා නම් මේ වැඩවර්ජනය ගැන මාධ්‍යවලින් හරි දැනගන්න ලැබෙන්නෙ නැති නිසා. එනිසා අපි සංකේතාත්මකව විදුලි බලාගාර ටික පවත්වාගෙන යමින්, විදුලි බිඳවැටීම් යථා තත්වයට පත්කර ගනිමින් තමයි මේ වැඩවර්ජනයට දායක වුණේ. මේ වැඩවර්ජනයට යනකොට කිසිම බෙදීමක් නැතිව විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති අපි එක තීන්දුවක හිටියා. ඒ නිසා ආණ්ඩුව හරි පසු විපරමක් කරලා මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනෙ. නොදුන්නොත් ඊළඟ ක්‍රියාමාර්ගය අඛණ්ඩ වැඩවර්ජනයක්. ඒකට අපි සහාය දෙන්න තීරණය කරලා තියෙනවා. අපි ආණ්ඩුවට කියනවා ඒ වැඩවර්ජනයේදී නම් අපි සියලු දෙනාවම එළියට ගන්නවා. අද අපි සාර්ථකයි. ඊළඟ අඛණ්ඩ වැඩවර්ජනයේදී අපි බලාගාර සියල්ල නතර කරනවා. උඹලාගේ චක්‍රලේඛ, අත්‍යවශ්‍ය සේවා නියෝග අපි කැඩුවා. පුළුවන් දෙයක් කරපල්ලා. හෙටත් අපි ඒක කඩනවා. ඒ නිසා ආණ්ඩුවට අපි කියනවා මේ ඉල්ලන සමස්ත ඉල්ලීම් දෙන්න ඕනෑ, නැත්නම් තත්වය බරපතළ වෙයි”

රංජන් ජයලාල් මහතා මේ බව පැවසුවේ ඊයේ (15) පැවති වැඩවර්ජනයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...