Wednesday, March 29, 2023
spot_img

Latest Posts

අද දිනයේදීත් ඩොලරයේ අගය ඉහළට …

අද (16) දිනයේදී වාණිජ බැංකුවලින් නිකුත් කර ඇති විනිමය අනුපාත සටහන් අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල හා විකුණුම් මිල තවදුරටත් ඉහළ ගොස් ඇති ආකාරයක් පෙන්නුම් කෙරේ.

ඊයේ (15) දිනයේදී ලංකා බැංකුවෙහි ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 326ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 344ක් ලෙසත් දැක්වුණු අතර අද දිනයේදී එම මිල ගණන් පිළිවෙලින් රු. 331 ක් සහ රු. 349.54 ක් දක්වා වැඩිවී ඇත.

ඊයේ දිනයේදී මහජන බැංකුවෙහි ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 325.26ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 344.31ක් ලෙසත් දැක්වුණු අතර අද දිනයේදී එම මිල ගණන් පිළිවෙලින් රු. 327.20 ක් සහ රු. 346.37ක් වශයෙන් වැඩිවී ඇත.

සම්පත් බැංකුවෙහි ඩොලරයක මිල ගණන් ඊයේ දිනයට සාපේක්ෂව වෙනස් වී නොමැත.

කොමර්ෂල් බැංකුවෙහි අද දිනයේදී ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 350 ඉක්මවා ගොස් තිබේ.

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.