මුදල් ලබාදෙන්නේ නම් අපි සුදානම් – රජයේ මුද්‍රණාලය

රාජ්‍ය මුද්‍රණ කමිටු සේවක සංගමය පවසනනේ, මුදල් ලබාදෙන්නේ නම් දින 03 ක් ඇතුලත පළාත් පාලන මැතිවරණයට අදාළ සියලු මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා බව රජයේ මුද්‍රණාලයාධිපතිණිය පැවසූ බවයි.

එහි නියෝජ්‍ය සභාපති නුවන් බුද්ධික සඳහන් කළේ මේ දක්වා මුද්‍රණ කටයුතු සඳහා මුදල් ලැබී නොමැති බවයි.

දේශපාලන වුවමනාවන් මත රජයේ මුද්‍රණාලයට අපකීර්තියක් සිදුකරන පුද්ගලයින්ට විරෝධය පළ කරන බවයි රාජ්‍ය මුද්‍රණ කමිටු සේවක සංගමයේ නියෝජ්‍ය සභාපතිවරයා පැවසුවේ.

පළාත් පාලන මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු රජයේ මුද්‍රණාලය විසින් මේ වන විට සිදුකරන්නේ නොමැති බවත්ඒ , ඊට අදාළ ගෙවීම් මෙතෙක් සිදුකර නොමැති බව පවසමින්. මුදල් ලබාදෙන්නේ නම් ආරක්ෂාව ද ලබාගනිමින් මුද්‍රණ කටයුතු ආරම්භ කළ හැකි බවත්‍ රජයේ මුද්‍රණාලයාධිපතිණී ගංඟානි කල්පනී පවසයි.

රෂිකා හෙන්නායක




.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකගේත් වැඩ තහනම් කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ (HQI)...

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරෙන් මියගිය සංඛ්‍යාව 68 දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 29: ස්පාඤ්ඤයේ මධ්‍යම...

Exclusive : රඛිත රාජපක්ෂගේ නිවසට අල්ලස් කොමිසමෙන් පනී. රඛිත ෆෝනුත් ඕෆ් කරන් පනී !

හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂගේ නිවසට...