තවත් දරුණු තත්ත්වයක් ඉදිරියේදී – මහබැංකු අධිපති

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසන්නේ පොලී අනුපාතය සහ විනිමය අනුපාතය ස්වාධීනව තීරණය කිරීමට මහ බැංකුවට අවස්ථාව නොලැබුණහොත් මේ වන විට රටේ පවතින ආර්ථික අර්බුදය වැනි තවත් දරුණු තත්ත්වයක් ඉදිරියේදී ද ඇතිවිය හැකි බවයි .මහ බැංකු අධිපතිවරයා පැවසුවේ ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත වෙනස් කිරීමට බලපෑ ප්‍රධාන හේතුව ද විනිමය අනුපාත පිළිබඳ ස්වාධීනව තීරණ ගැනීමේ අවශ්‍යතාවය බවයි.මේ වන විට රටේ පවතින ආර්ථික අර්බුදයට බලපෑ ප්‍රධාන සාධක සම්බන්ධයෙන් ද මහ බැංකු අධිපතිවරයා අනාවරණ කළ අතර ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. එය අනුමතවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුවට අදාළ වන පරිපාලන නීතිය බවට පත්වනවා. මෙම පනත් කෙටුම්පත පිළිබඳව මහජන අදහස් විමසීමද මේ දිනවල සිදුවෙමින් පවතී.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...