කොළඹ LNW: පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් මෙතෙක් පාසල් නිවාසාන්තර ක්‍රීඩා උත්සව අවසන් කර නොමැති ඒවායේ එය අවුරුදු නිවාඩුවෙන් පසු පැවැත්වීමට අදාළ උපදෙස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අද (18) දින නිකුත් කරන බව විෂය භාර අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
ඒ අනුව ඊට අදාළ චක්‍රලේඛය අද නිකුත් කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.
පාසල් මට්ටමින් පවත්වන සෙසු ක්‍රීඩා තරඟාවලි සියල්ලක්ම ද අවුරුදු නිවාඩුවෙන් පසු පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සහ සෞඛ්‍ය අංශවල උපදෙස් මත මෙම තීරණය ක්‍රියාත්මක කර තිබේ.
ASK