*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

රිශාඩ්ගේ ගිණිකෙළිවලින් බංගලාදේශ තරගය සම්පූර්ණයෙන් කණපිට හැරෙයි

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 18, කොළඹ (LNW): රිශාඩ් හොසේන් අවසාන මොහොතේදී එල්ල කළ අනපේක්ෂිත ප්‍රහාරය නිසා ශ්‍රී ලංකාව ලකුණු 236 ක් බංගලාදේශයට නොදී සිටින්නට ගත් උත්සාහය සම්පූර්ණයෙන් ව්‍යර්ථ විය.දෙපැත්තට දෝලනය වෙමින් තිබූ තරගය රිශාඩ් පන්දුවට පහර දීමට පැමිණ,පළමු පන්දුවේ සිට වනිඳු හසරංගට එල්ල කරන්නට ගත් ප්‍රහාරයත් සමඟ බංගලාදේශයට ජයග්‍රහණය පිළිබඳ විශ්වාසය තහවුරු විය.පුහුණුකරු හතුරුසිංහ ශ්‍රී ලංකාවේ දමනය කර ගත යුතු පන්දු යවන්නා වනිඳු බව විශ්වාස කරමින්,ඔහු මත පීඩනය පැටවෙන අන්දමට තරග කිරීමට විවිධ මැළසුම් සකස් කළ ද,අවසාන මොහොතේ රිශාඩ් එය සාර්ථක කර ගන්නා තෙක් කිසිඳු බංගලාදේශ ක්‍රීඩකයෙකුට එය කිරීමට නොහැකි ව්ය.
පන්දු 18 දී හතරේ පහර 5 ක් සහ හයේ පහර 4 ක් සමඟ ලකුණු 44 ක් එකතු කළ රිශාඩ් පන්දු 18 දී නොදැවී රැස් කළ මුළු ලකුණු ප්‍රමාණය 48 ක් විය.


කෙසේ නමුත් මේ තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ගැන සතුටු වන්නට නොහැකිය.තෙවන තරගයට අසාර්ථක වූ ක්‍රීඩකයෝ පසෙකට කර තරගය ජය ගැනීම වෙනුවෙන් කණ්ඩායම් වෙනස්කම් කිරීමට ඉදිරිපත් වී උන්හ.ලකුණු 235 ක් යනු සෑහීමට හැකි ලකුණු ප්‍රමාණයක් ලෙස හැඳින්විය නොහැකි වුව ද,එය රැක ගැනීමට ශ්‍රී ලංකාව කළ බලපෑම ව්‍යාර්ථ කළේ අද තරගයට පළමුව කැඳ වූ රිශාඩ් අලී (නොදැවී 48) සහ ටන්ශිඩ් හසන් (පන්දු 81 දී ලකුණු 84) දෙදෙනාය.
එහෙත් හ්‍රී ලංකාව වේග පන්දු යවන්නන් විසින් පෙර තරග දෙකේම වැඩි කඩුලු ප්‍රමාණයක් දවා ගැනීමේ ප්‍රවනතාවයක් පෙන්වා තිබිය දී අද තරගයට පන්දු යැවීමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන චාමික කරුණාරත්න කැඳවීම පසෙකලා දඟ පන්දු යවන්නන් තිදෙනෙක් කැඳවා තරග කිරීමට තීරණය කළේය.එසේම ලකුණු අතර ඇති බවක් පෙනෙන්නටවත් නැති අවිශ්ක ප්‍රනාන්දු මේ තරගයේදී ත් කැඳවීමට තීරණය කර තිබිණ.ඒ කමිඳු මෙණ්ඩිස් වැනි මෑත කාලයේ අවස්ථාව ලද හැම මොහොතකම ලකුණු අතර සිටි ක්‍රිඩකයෙක් බංකුවේ තබමින්ය.


මේ තරගයේ පන්දුවට පහර දුන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම කියනවාට වඩා සාධාරණ වන්නේ ජනිත් ලියන්ගේ බංගලාදේශ පන්දු යවන්නන්ට එරෙහිව තනිව සටන් කළ බව කීමේය.ඔහු අති විශිෂ්ඨ ඉණිමක් දියත් කළේය.එක්දින තරගයක දී වුව හදිසියේ ආවොත් ආවා ගියොත් ගියා ව්‍යහුයට හසු නොවන ඉණිමක් දියත් කළ ජනිත් පළමු ලකුණු 50 පන්දු 65 න් ලබා ගත් අතර පන්දුව හොඳින් දකිමින් සහ එය තමන්ට අවශ්‍යය විදිහට පාලනය කර ගනිමින් ඔහු ලකුණු 100 ට පිවිසුණේ පන්දු 101 දී ය.මේ මොහොතේ ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍යයම ආකාරයේ පීඩනය දරා ගනිමින් ඉණිමක් කළමණාකරණය කිරීම පැහැදිළි කළ ජනිත් ලියනගේ ඉතිහාසයට ලියා තැබිය යුතු ඉණිමක් දියත් කළේය.
පන්දු යැවීමේ දී ටෂ්කින් අහමඩ් කඩුලු 3 ක් දවා ගත් අතර මුෂ්ටාෆෂර් රහ්මන් සහ මෙහදි හසන් කඩුලු 2 බැඟින් දවා ගැනීමට සමත් විය.


බංගලාදේශයේ පිළිතුරු ඉණිමේ ආරම්භය වේගවත් එකක් විය.නවවන පන්දු ඒවර්යේ දෙවන පන්දුවේදී එනමුල් හක් ලකුණු 12 ට දැවී ගියත්,බරපතල ප්‍රහාරකයා ඉතුරු විය.ටන්ෂීඩ් සෙසු පිතිකරුවන් අසාර්ථක වුව ද,සිය ප්‍රහාරක වේගයද රඳවා ගනිමින් දිගින් දිගටම ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉදිරියේ තෝරා ගෙන තිබුණේ ආරක්ෂාව නොව ආක්‍රමණික විලාශය ය.ඔහු ලකුණු 130 දි පස්වන කඩුල්ල ලෙස දැවී යන විට ඉන් ලකුණු 84 ක් ම ඔහුගේ වී තිබීම ටෂ්කින්ගේ ප්‍රහාරයේ ස්වභාවය හිතා ගන්නට හොඳටම ප්‍රමාණවත්ය.ටෂ්කින්ගේ දායකත්වය නිසා අවශ්‍යය ලකුණු වේගය තිබුණු බැවින් කඩුල්ලේ තැන්පත් වූ මෙහදි හසන් සහ පළපුරුදු මුෂ්ෆිකර් රහීම් කල්පනාවෙන් ලකුණු වේගයට ද හානියක් නොවන මට්ටමෙන් බංගලාදේශ ඉණිම ඉදිරියට රැඟෙන යමින් ලකුණු 48 ක සබඳතාවයක් පැවත්වීය.එය නිමා වූ පසු ශ්‍රී ලංකාවේ පැත්තට තරගය යළිත් බර විය යුතුව තිබුණ ද,සියල්ල වෙනස් කළ රිශාඩ් හොසේන් 41 වන පන්දු වාරයේදි බංගලාදේශයට ජයග්‍රහණය ගෙන දෙන්නට සමත් වූයේ තරගාවලි ජය ද බංගලාදේශයටම හිමි කර දෙමින්ය.


ලහිරු කුමාර කලෙකට පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ හොඳම පන්දු යවන්නා වෙමින් ලකුණු 48 ට කඩුලු 4 ක් දවා ගත්තේය.වනිඳු හසරංග දැඩි ප්‍රහාරයකට ලක් කළ රිශාඩ් පන්දු ඒවර් නවයක් තුළ දී වනිඳුගෙන් ලකුණු 64 ක් බංගලාදේශයට ලබා දුන්නේය.වනිඳුට එරෙහිව හතරේ පහර 6 ක් සහ හතරේ පහර 4 ක් එල්ල වී තිබිණ.එය බංගලාදේශය මේ තරගාවලියේ ආරම්භයේ සිටම උත්සාහ කළ සිහින සැළසුම යථාර්තයක් වීමක් විය.එහෙත් ශ්‍රී ලංකාවට අතිරේක මද වේග පන්දු යවන්නෙක් භාවිතා කිරීමට නොසිටීම දැඩිව දැණින.ජනිත් ලියන්ගේ හෝ පන්දු ඕවරයක් හෝ යැවීමට කැඳවා අත්හදා බැලීම් කරන්නට තරම් ලකුණු පූවරුවක් ශ්‍රී ලංකාවට තිබුණේ නැත.එහෙත් ඇතැම් විට චාමික කණ්ඩායමේ සිටියේනම් තරගය වෙනස් වීමට ද ඉඩ තිබිණ.
කෙසේ වුවත් තරගාවලි දෙකක් ජයගෙන පරාජයට පත් වූ මේ තරගාවලිය තුළ ද,ඉකුත් වසර හමාර කරන මොහොතේ සිටි ශ්‍රී ලංකා කණ්ඩායම නොසිටි බව අප පිළිගත යුතුය.මේ හැඳෙන කණ්ඩායම නිසි පරිදි කළමණාකරණය කිරීම ඒ වගකීම භාර දෙන පිරිසගේ යුතුකම වන අතර තරගයකදී වඩාත් ඒ මොහොතට ගැලපෙන කණ්ඩායම තේරීම සිඳු කිරීමේදී එය තමන් සහ ශ්‍රී ලංකාව අතර පරතරය බුද්ධිමත්ව පියවාගෙන ශ්‍රී ලංකා කණ්ඩායම තේරීමට තරම් පරිනත වීම වැදගත්ය.


තෙවන තරගයේ ලකුණු සටහනට පහතින් පිවිසෙන්න.
https://www.espncricinfo.com/series/bangladesh-vs-sri-lanka-2023-24-1419819/bangladesh-vs-sri-lanka-3rd-odi-1419829/full-scorecard

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan