*
Friday, May 17, 2024
spot_img

Latest Posts

ලංකාවට වඩා ලොකු සිනමාවක් දකින ලංකා

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 19, කොළඹ (LNW): Bournemouth University International මේවා වැඩ බිම්. සෛද්ධාන්තික සීමාව අතික්‍රමණය කරලා වැඩ කරන්නට ඉඩ හදන නිසාම මේ විශ්ව විද්‍යාලවලින් උපාධිධාරීන් වෙනුවට හැම වෙලාවෙම වගේ සමාජයට තල්ලු කරන්නේ ඉගෙන ගන්න වැඩෙන් වැඩ පෙන්නන්න දන්න ප්‍රායෝගික මිනිස්සු. මේ ඇත්ත ඇතුළට වැටුණම තියෙන එකම දේ පොතකට ඔළුව ඔබාගෙන විෂය නිර්දේශයක් කට පාඩමින් ලියලා බැච් ටොප් වෙන්න ට්‍රයි කරන එක නෙමෙයි. පොත පතින් ඉගෙන ගන්න දේවල් ප්‍රායෝගික භාවිතයෙදි කොහොමද ක්‍රියාත්මක කරන්නෙ කියන එක බැලීමයි. එහෙම නැත්නම් ඒ අධ්‍යාපන ක්‍රමය ඇතුළෙ බැච් ටොප් වෙන්න බැහැ. ඇගයීමට ලක්වෙන්න බැහැ.


ලංකාවෙ අධ්‍යාපනය ඇතුළෙ තියෙන සහතික කන්දරාව ඉක්මවා චිත්‍රපට මාධ්‍යය තුළ රූප අමුණන සහ සොලවන එකෙන් වැඩ පෙන්නන්න පුළුවන් කියලා ඔප්පු කරපු ලංකා බණ්ඩාරනායක ඒ හරහා තමයි Bournemouth University International වෙතින් සිනමාව හදාරන්න මාර්ගය සකස් කර ගන්නෙ. ලංකා ඒ වෙන කොටත් ලෝකයේ යම් අවධානයක් දිනූ සිනමා නිර්මාණ තුනක් පෙන්නලා තිබුණා. සම්ප්‍රදාය, මහසෝනා සහ උරුමය කියන ඒ සිනමා නිර්මාණ තුනෙන් දැකපු ලංකාවේ අනාගත සිනමාවට Chevening ශිෂ්‍යත්වයක් හරහා දායක වෙන්න සරසවිය ගන්න තීරණය සිනමාත්මක එකක්. ලෝකයට වැදගත් අයදුම්කරුවන් අතර තමන්ගේ වෙහෙසට වැඩිම ප්‍රායෝගික වටිනාකමක් දිය හැකි කෙනා කවුද කියලා තීරණය කිරීමයි.


ඒ සඳහා දහම් පාසල් අවසානය, ධර්මාචාර්ය වැනි ඇයව තෝරා ගන්න සිනමාවට කිසිසේත්ම සළකා බැලීමක් කරන්නෙ නැහැ. ඒක ඒ ආගමට විතරක් නෙමෙයි වෙන ආගමක ඉහළ දැණුම සම්බන්ධයෙන් ඇති සහතිකවලටත් අදාළ නැහැ. කොහොමටත් ආගම නෙමෙයි තමන්ගේ අනන්‍යතාවය සහ හැකියාව පෙන්වන විෂය පද්ධතිය තුළ කෙතරම් පරිනත ද යන්න පිළිබඳව මිස ඊට අදාළ නොවන වෙනත් විෂයන්වල සහතික කඳුවලින් පලක් නැහැ.


මේ ඇත්ත ඇතුළෙ ලංකාට ඊළඟට ලැබෙන අභියෝගය උගත් න්‍යායන් භාවිතයට ගෙන සිනමා නිර්මාණයක් ප්‍රායෝගිකව ඉදිරිපත් කරන්නේ කෙසේද යන්න සළකා බැලීමයි. ඒ සඳහා ඇය සිනමාවේ මාධ්‍ය වන රූපමය බස තාක්ෂණික අංගෝපාංග සහ මිනිස් අවයව සමඟ හසුරුවන හැටි මෙන්ම ඒවා කෙතරම් සමාජ සංවේදී ගැඹුරක් සහිත දේශපාලනික ප්‍රකාශයක් ද යන්න ද විද්‍යාර්ථීන් ඇගයීමේ දී සළකා බලන්නට ඇත. ඒ සළකා බැලීමට අනුව ලංකාට, ඇමරිකාවේ Film Independent සමඟ එක්ව Global Media Makers වැඩසටහනෙන් ඇගේ පළමු දීර්ඝ චිත්‍රපටය වැඩිදියුණු කරන්න අවස්ථාව ලැබී ඇත.British Council Sri Lanka එංගලන්තයේ අධ්‍යාපනය ලැබූ විශ්වව්ද්‍යාල විද්‍යාර්ථීන් අතරින් හොඳම සංස්කෘතික සහ නිර්මාණාත්මක ශිෂ්‍යා ලෙස ලංකාව පිදීමට හේතුවක් කර ගන්නේ ඒ නිසයි.

පාස්කු ප්‍රහාරය නිසා ජීවිත මෙන්ම විනාශ වී යන මානව සම්බන්ධතා හරහා ඇති වන සංස්කෘතික සමාජයේ නාය යාම සිය නිර්මාණයට වස්තු විෂය කර ගන්නා ලංකා එහිදී දක්වන ලද ශික්ෂණය, අධ්‍යයනයේ ගැඹුර මෙන්ම නිර්මාණශීලී ඉදිරිපත් කිරීම නිසා මේ ආකාරයට ගෞරවයට සහ පිදුමට පාත්‍ර වී ඇත. දෘෂ්ඨිවාදීව මේ රටේ පවතින සම්ප්‍රදායන් අතික්‍රමනය කිරීම අභිනිෂ්ක්‍රමනය තරමටම බැරෑරුම් වැඩකි. වැඩේට වඩා එවැනි තීරණයකට පැමිණීමේ දී සිඳු විය හැකි දේශිය බල කඳවුරුවල බලපෑම නොසිතා වැඩ කරන්නට ලංකාට ලංකාවට සීමා නොවුණු සිනමාත්මක හැඩයක් තිබීම සහ එය පෝෂණය වීමට දිරියක් සහ පිරියක් ඇති කිරීම මේ සම්මානනීය ඇගයීමේ ඉහළම වටිනාකමයි. වසර ගණනින් ඉතිහාසය කියවා ස්වයං මෝහණයට පත් වීම ඇරෙන්න ඒ ගෙවුණු කාලය තුළ සතුටු වෙන්නට මහා දේවල් සිඳු නොවුණ සිනමාවක එම දීර්ඝ ඉතිහාසයේ සිටින කාන්තා අධ්‍යක්ෂවරියන් අතළොස්ස අතරට එන්නට ලංකා තබන පියවර ලාංකේය සිනමා වංශකතාවේ අලුත් පරිච්ඡේදයක් ලියන්න පිටුවක් පෙරළා දීමක් විය හැකිය.

ඉතිං ලංකාට පමණක් නොව ලංකාව දිරිමත්ව ඉදිරියට තල්ලු කරන්නට ඇය වටා සිටින දෙස් විදෙස් සියල්ලටම ද, ඇගේ නිර්මාණ වන්දනාවේ සහෘදයන් සේ වැඩෙහි යෙදි සැමටමද කරන ප්‍රාර්ථනාවේ අන්තිම බලාපොරොත්තුව ලංකාව තරම් පොඩි නොවුණ ලෝකයටත් වඩා විශාල වූ සිනමාවක ලාංකේය සළකුණක් වෙන්නට ලංකාට හැකි වේවා යන්නය.

බ්‍රිතාන්‍ය කවුන්සිලයේ ඇල්ම බැල්ම යටතේ රැඳී Bournemouth University International වෙත යොමුව ලංකා ලැබූ සම්මානනීය වටිනාකම ලංකා ට පමණක් සීමා නොවුණු ලංකාවට වටින ඇගයීමක් බවට දැනෙන්නේ හෙට ලංකාගේ දායකත්වය අනුවය.


Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan