බන්ධනාගාර නිලධාරීන්ගේ පහරදීමකින් රිමාන්ඩ් සිරකරුවෙකු මරුට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ, මැගසින් බන්ධනාගාරයේ නිලධාරීන් දෙදෙනෙකු සිදුකළ පහරදීමකින් තුවාල ලැබූ රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ හේවාධීර දොන් ගැමුණුජිත් නමැති 54 හැවිරිදි එක් දරු පියෙකි.

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාවක් යටතේ පෙබරවාරි 23 වනදා ඔහුව මහරගම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි ඔහු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ඇති බවට මතුවූ සැකයක් මත බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු පෙබරවාරි 26 වනදා ඔහුව පරීක්ෂා කිරීමට උත්සාහ ගෙන තිබේ.

එහිදී ඔහු තමන් සතුව තිබූ මත්ද්‍රව්‍ය ගිල දමා ඇති අතර ඒ සමගම අදාළ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා තවත් රැඳවියන් දෙදෙනෙකු සමග එක්ව ඔහුට අමානුෂික ලෙස පහරදී ඇත.

එම පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ සැකකරු බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මාර්තු 16 වනදා මියගොස් ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය සිදුකළ විමර්ශනයේදී බන්ධනාගාරයේ සෙසු රැඳවියන් ද පවසා ඇත්තේ අදාළ සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ගිල දැමීමෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා තවත් රැඳවියන් දෙදෙනෙකු සමග එක්ව ඔහුට අමානුෂික ලෙස පහරදී වමනය කරවීම සඳහා ලුණු වතුර බෝතල් දෙකක් ද පෙවූ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...

ආර්ථික වර්ධනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: 2025 වසරේදී 4.5%කින් පමණ...