*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

තුන්ගොල්ලක් කියලා මම කිව්වේ අපියි, සජබයි, ජවිපෙයි. අපි එකතු වුණොත් කාටත් හොඳයි – බැසිල් (VIDEO)

මේ මොහොතේ රටේ තිබෙන ප්‍රධාන දේශපාලන පක්ෂ තුන වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ එකට එකතු විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

දේශපාලනය සඳහා සංවිධාන යාන්ත්‍රණයක් සහ ජන බලයක් යන සාධක දෙක අත්‍යාවශ්‍ය බව පැවසූ බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුව මේ සාධක දෙකම ඇති අතර සජබට ජන බලයක් ඇතත් සංවිධාන යාන්ත්‍රණයක් නොමැති බවත් ජවිපෙට සංවිධාන යාන්ත්‍රණය ඇතත් ජන බලයක් නොමැති බවත් සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයට නායකයකු සිටින නමුත් සංවිධාන යාන්ත්‍රණයක් හෝ ජන බලයක් යන දෙකම නොමැති බැවින් එක්විය යුතු පාර්ශ්ව තුන ගැන සඳහන් කිරීමේදී තමන් එජාපය විශේෂයෙන් සලකා නොබලන බවත් ඒ මහතා පැවසීය.

ප්‍රශ්නය – දැන් මේ පෙළගැසීම සිද්ධ වෙන්නෙ ජාතික ජන බලවේගයට එරෙහිවද ?

“නෑ. ඒ කට්ටියත් එක්කත් අපි වැඩ කරලා තියෙනවා. අපි වැඩ කරලා තියෙනවා, අපිටත් වැඩ කරලා තියෙනවා, මැතිවරණවල එකට ඉඳගෙන වැඩ කරලා තියෙනවා”

ප්‍රශ්නය – හැබැයි ඔබ කියපු විදියට එකතු වෙන්න ඕනෙ කණ්ඩායම් තුනයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය. මේ කණ්ඩායම් තුන එකතු වුණාම අනිත් පැත්තේ ජාජබ ?

“නෑ, නෑ. ඒ තුනක් කියලා මම අදහස් කළේ ප්‍රධාන තුන. එතනදී එක්සත් ජාතික පක්ෂය මම විශේෂයෙන් සැලකුවේ නෑ. ඒක හින්දා මම නම් කියන්නෙ සජබයයි, ජේවීපී එකයි, අපියි එකතු වුණොත් මේ රටටත් හොඳයි, කාටත් හොඳයි කියන එක”

ප්‍රශ්නය – ඒක වෙන්නෙ නෑනෙ ? දැන් ජනාධිපතිතුමා ඔය ඇරයුම විටින්විට පාර්ලිමේන්තුවේදීත් කළානෙ ජාතික ආණ්ඩුවකට එකතු වෙන්න කියලා. එහෙම වුණේ නෑනෙ ?

“එහෙම වුණේ නෑ කියලා …. ඒක එහෙම තමයි. අපිත් ගෝඨාභය ජනාධිපතිතුමා එකතු වෙන්න කියලා මුලින්ම ආරාධනය කරනකොට හුඟදෙනෙක් බෑ කිව්වා. හැබැයි ටික දවසක් යනකොට එකතු වුණා ඉතින්. ඒක අතාරින්න හොඳ නෑ, මම නම් කියන්නෙ ඒක අපි අතහැරිය නොයුතු එකක්. ඒකට ආගමික නායකයො, සිවිල් සමාජ නායකයො, ඒ කට්ටිය සියලු දෙනාම මේක වෙනුවෙන් කැප වෙන්න ඕනෙ. ජනමාධ්‍යයටත් ඒකට ලොකු කාර්යභාරයක් තියෙනවා. සමහර කට්ටිය කියයි අපි මේ බයට … පැරදෙනවාට … එහෙම එකක් නෙවෙයි. මම මේ අවංකවම කියන්නෙ රටේ යතාර්ථය. අපට අදත් ලංකාවේ ඕනෙම තැනක, උතුරු නැගෙනහිර පවා අපේ ශාඛා සමිති තියෙනවා. ඒ වගේම අපට ජන බලයකුත් තියෙනවා. හැබැයි අපි හිතනවා ඒවා වලින් පමණක් ඡන්ද දිනන්න පුළුවන්කමක් නෑ කියලා. සමහරුන්ට ජන බලය තියෙනවා, හැබැයි සංවිධාන ශක්තියක් ඇත්තෙම නෑ. අඩුම ගාණෙ තමන්ගෙ කෘත්‍යාධිකාරී මණ්ඩලයවත් එකට තියාගන්න බැරි පක්ෂ තියෙනවා. ඒ වගේම තමයි සමහරු තියෙනවා සංවිධාන ශක්තියෙන් ඉතාම ඉහළයි, හැබැයි ජන බලයක් නෑ. ගම්වල අපි දන්නවා ඒ අයට පවුල් පහක් හයක් තියෙනවා, ඒක ටිකක් වැඩිවෙලා තියෙනවා, ඒක එක එක මැතිවරණවලදී එක එක විදියට හැසිරිලා තියෙනවා. හැබැයි ජන බලයක් කියන්න නම් ග්‍රාමසේවක වසමක, ඔය ඡන්ද මධ්‍යස්ථානයක පවුල් 500ක් වත් ඉන්නවා නම් තමයි ඔවුන්ට ජන බලයක් කියන්න පුළුවන්. එක ඡන්ද මධ්‍යස්ථානයකට පවුල් 500ක් ගොනු කරන්න පුළුවන් පක්ෂ කීයක් තියෙනවාද අද ? මම කියන්නෙ ඒක තියෙන්නෙ පොහොට්ටුවටයි සජබටයි විතරයි. අපි එක්ක ඉන්නෙ එදා 1956 ටත් එහා ඉඳන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අය. එතකොට සජබ ඉන්නෙ 1940 ගණන්වල ඉඳලා එක්සත් ජාතික පක්ෂයේ ඉඳපු පිරිස. ඒක ගම්වල මුල් බැහැගෙන තියෙන්නෙ. ලකුණයි නමයි වෙනස් වුණාට ඒ මතවාදය ඒ ආකාරයටම ගම්වල තියෙනවා”

බැසිල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ සිරස රූපවාහිනී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan