ගුවන් හමුදාවේ කැන පොලීසිය උඳුරා ගනියි

Date:

කොළඹ පොලිස් ක්‍රීඩාංගණයට පැමිණි යුද හමුදා කණ්ඩායම ලකුණු 21 – 05 ක් ලෙස පරාජය කළ පොලිස් කණ්ඩායම නිපොන් පේන්ට් රගර් ලීග් තරගාවලියේ ප්‍රථම වටය නිමා වන විට මුල් කණ්ඩායම් හතර අතරට පත් වෙන්නට සමතත් විය.තරගයට පෙරාතුව යුද හමුදාව පරාජය කළහොත් ගුවන් හමුදාව හා සම ජයග්‍රහණ තත්ත්වයකට පත් වෙන්නට නියමිතව සිටි පොලිස් කණ්ඩායම, යුද හමුදා කණ්ඩායම ප්‍රසාද ලකුණක්ද සමඟ පරාජය කරමින් ගුවන් හමුදාවට වඩා එක ලකුණකින් ඉදරියට එන්නට සමත් විය.

තරගයට පිවිසි අවස්ථාවේ සිට දැඩි අදිටනකින් තරග කළ පොලීසිය,තරගයේ පළමු භාගයේදී ආක්‍රමණකාරීව යුද හමුදාවට එරෙහිව ලකුණු 25 ක් එක් කර ගත්තේ යුද හමුදාවට කිසිඳු ලකුණක් ලබා නොදෙමින්ය.පළමු භාගය නිමාවෙන් පසු යුද හමුදාව සිය ආක්‍රමණික ක්‍රීඩා රටාව දියත් කරන්නට උත්සාහ ගත්තද පොලීසිය හමුවේ ඉන් වැඩි ප්‍රතිපලයක් අත් කර ගන්නට ඔවුන්ට නොහැකි විය.යුද හමුදා කණ්ඩායමේ චානක ගුණරත්න ලබා ගත් උත්සාහක දිණුම තරිඳු මධුශාන් හෙට්ටිආරච්චි විසින් ප්‍රවර්ථනය කිරීමෙන් අත් කර ගත් ලකුණු 7 ට යුද හමුදාවේ සමස්ත ලකුණු සටහන සීමා විය.

පොලීසිය සිය ලකුණු 25 වෙනුවෙන් උත්සාහක දිණුම් හතරක් එක් කරන්නට සමත් විය.ජනිත් චානක,මොහාන් විමලරත්න,සුරංග කසුන් සහ වගීස වීරසිංහ පොලිස් කණ්ඩායමේ උත්සාහක දිණුම්ලාභියෝ වූහ.යොහාන් පීරිස් ඉන් එක් උත්සාහක දිණුමක ප්‍රවර්ථනය සාර්ථක කර ගත් අතර හිමි වූ දඬුවම් පහරක්ද නිසි ඉලක්කයට යොමු කරමින් පොලිස් කණ්ඩායමේ ලකුණු පූවරුව පොහොසත් කරන්නට දායක විය.

තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ආවේගශීලී සටනක නියැලි පොලීස් කණ්ඩායමේ හේෂාන් තිලකරත්නට එසැවි කහ කාඩ් පත රතු කාඩ්පතක් දක්වාම දුර ගිය අතර පොලිස් කණ්ඩායමේ කසුන් රාජකරණා සහ යොහාන් පීරිස් ද කහ කාඩ්පත් අවවාදයට ලක් විය.යුද හමුදා කණ්ඩායමේ චමීර සිල්වා ද කහකාඩ් අවවාදයට ලක් විය.

මේ වන විට නිපොන් පේන්ට් ජාතික රගර් ලීග් තරගාවලියේ පළමු වටය නිමාවේ මුල් ස්ථාන හතරෙන් දෙකක්ම තීරණය වී ඇත.ඒ තෙවන ස්ථානය සීඑච් ඇන්ඩ් එෆ්සී කණ්ඩායමට සහ සිව්වන ස්ථානය පොලීසියට ලෙස ය.ජාතික ලීග් තරගාවලියේ පළමු ස්ථානය හිමිවන්නේ මහනුවර ක්‍රීඩා සමාජයට ද කොළඹ හැව්ලොක් ක්‍රීඩා සමාජයට ද යන්න අද සවස් භාගයේදී මහනුවර නිත්තවෙලදී තීරණය වීමට නියමිතය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෝට්ටු පෙරළීමෙන් ටහෝ විලෙහි අට දෙනෙක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජුනි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු ඇමරිකාවේ විශාලතම...

වතු කම්කරු වැටුප් වැඩි වීම ගැන බලාපොරොත්තුවක්!

කොළඹ LNW:මෙම වසරේදී වතු කම්කරු දෛනික වැටුප රු.1700 දක්වා...

යුක්තිය මෙහෙයුමෙන් කළේ බොරුවක්ද? – මාස 05ට පොලීසිය හොයාගෙන තිබෙන අයිස් සහ හෙරොයින් තොගය!

කොළඹ LNW:පසුගිය මාස 05ක කාලය තුළ මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ...