සුගත්ට ‘මිස් වුණ‘ පැරා ගැන ප්‍රදීප්ගේ කණගාටුව

Date:

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 20, (LNW)කොළඹ

සුගත් තිලකරත්න ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා සිය පාර්ලිමේන්තු කතාවේ දී ඩනක්න් වයිට්ගේ සහ සුසන්තිකා ජයසිංහගේ ඔලිම්පික් රීදී පදක්කම් දෙක ගැන පමණක් පැවසීම ගැන ජාතික වීසි කිරීමේ පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත සිය කණස්සල්ල පළ කරනවා.ඒ පැරා ඔලිම්පික් පදක්කම්ලාභීන් වන සමිත දුලාන්,දිනේශ් ප්‍රියන්ත වැනි ක්‍රීඩකයින් අමතක කිරීම නිසයි.


දිනේෂ් ප්‍රියන්ත මේ වන විට පැරා ඔලිම්පික් රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා සිටින අතර සමිත දුලාන් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනාගෙන සිටිනවා.ප්‍රදීප් වීසි කිරීමේ පුහුණුකරු මෙන්ම මෙම ක්‍රීඩකයින් දෙදෙනාගේම පුහුණුකරු ලෙස ද කටයුතු කර ඇති නිසා හම දෙදෙනා ගැන මතක් කළත්,පැරා ඔලිමිපික් උළෙලක පළමු පදක්කම දිනා ගන්නේ 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී ප්‍රදීප් සංජය යව අතර ඔහු මීටර් 400 ටී46 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගන්නවා.


ලෝකයේ ඔලිම්පික් තරගයක් සංවිධානය කරන විට එය නිමා වූ සැනින් ඒ තරම්මම අවධානයකින් ලෝකයේම පැරා ඔලිම්පික් ක්‍රීඩකයින් ඒ බිම වටාම රැස් වෙනවා.එසේ ඇරඹෙන පැරා ඔලිම්පික් උළෙලටත් ලෝක ක්‍රීඩා සංස්කෘතිය තුළ සම පිළිගැනීමක් ලැබෙනවා.මේ වන විට ලෝකය සැමට සම බිමක් වීම ස්ත්‍රී පුරුෂ සමානත්මතාවය ද ඉක්මවා සංක්‍රාන්ත්‍රික ප්‍රජාවට පවා හිමිවිය යුතු බව විශ්වාසයට ගන්නා විද්‍යාත්මක පදනමක් ලෝකය පුරා ක්‍රියාත්මකව පවතිනවා.මේ තත්ත්වය ක්‍රීඩාවට ද අදාළ වෙනවා.


එවැනි තත්ත්වයක සුගත් අතින් පැරා ඔලිම්පික් ක්‍රීඩකයින් මඟ හැරීම වරදකට වඩා අතපසුවීමක් හැටියට අප දකිනවා.සුගත් මලල ක්‍රීඩා සංගමයේ සභාපති හැටියට සිටියදී ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ ආධාර යටතේ ආරම්භ කරන්නට අනුමැතිය ලැබුණු හෙල්ල වීසි කිරීමේ ක්‍රීඩකයින් සොයා යාමේ ව්‍යාපෘතිය නැවත ආරම්භ කරන බව ද ඔහු පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කර සිටියා.එම කාරණය ඇතුළතවත් හෙල්ලෙන් ලොව දිනූ මේ පැරා ඔලිම්පික් යුගලය රටේ හෙල්ල වීසි කිරීමේ දක්ෂතා පිළිබඳ උදාහරණයකට මතක් නොවීම කණගාටුදායකයි.


අමාත්‍යවරයෙක් හැටියට නොව ක්‍රීඩකයෙක් හැටියට නොවිය යුතු එම අතපසුවීම මඟ හැරීමක් නොව අතපසුවීමක් ලෙස සළකා නියෝජ්‍ය අමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.නිමාලි ලියනආරච්චි ධාවන පාවහන් නැතුව ඔලිමිපික් ගිය බව කියූ බොරුව තවමත් වැරදි බව පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරන්නට නාමල් රාජපක්ෂ කටයුතු නොකළා සේ නොසිට ක්‍රීඩකයෙකු ලෙස තමන් අතින් ගිලිහී ගිය යුතුකම ගැන පාර්ලිමේන්තුවට ප්‍රකාශ කිරීමට සුගත් තිලකරත්න අමාත්‍යවරයා කටයුතු කරනු ඇතැයි අප බලාපොරොත්තුවෙන් සිටිනවා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: රස-ගුණ සපිරි පාස්තා සැලඩ් එකක් රස විඳිමු! – Cool, Fresh, and Flavor-Packed: Pasta Salad You’ll Crave

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

මෙවර Toronto චිත්‍රපට උළෙලේදී ජනතාවගේ තේරීමේ සම්මානය දිනා ගත් “Hamnet”!

සටහන – පුලී සැප්තැම්බර් 16, කොළඹ (LNW):  ක්ලෝයි ෂාඕගේ Hamnet...

ස්විට්සර්ලන්තය සමඟ සම්බන්ධතා තරකරගන්න ශ්‍රී ලංකා රජයට අවස්ථාවක්!

කොළඹ LNW: අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී...

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය දෙන්න අවස්ථාව!

කොළඹ LNW: විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි...