මීට වඩා ලොකු ආණ්ඩු එක්ක අපි හැප්පිලා තියෙන්නේ.SJB හර්ෂණගෙන් ආණ්ඩුවට රතු එළි!

Date:

කොළඹ LNW:මීට වඩා ලොකු ආණ්ඩු සමඟ හැප්පිලා තියෙන තත්ත්වයක වත්මන් ආණ්ඩුවට මෙවර පළාත් පාලන මැතිවරණයෙන් හොඳ පණිවිඩයක් දීමට හැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේය.

ආණ්ඩුව උදච්චකමින් සිටියද මැතිවරණ ප්‍රතිඵල සමඟ මහ පොළවේ යථාර්තය හඳුනාගැනීමට හැකිවනු ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

”මීට වඩා ලොකු ආණ්ඩු එක්ක අපි හැප්පිලා තියෙනවා. ඒ නිසා මේගොල්ලෝ මේ උද්දච්චකමට මේ වෙලාවේ මෙහෙම හිටියට මහා පොළවේ යථාර්තය මැතිවරණ ප්‍රතිඵලත් එක්ක තේරුම් ගනී. උද්ධච්චකම තමයි මේගොල්ලන්ගේ පරාජයට හේතුවක් වෙන්නේ. අපිට විශ්වාසයක් තියෙනවා, මේ ආණ්ඩුව කිව්ව, ඒවගේම පහුගිය කාලසීමාවේදී ආණ්ඩුව හැසිරිච්ච ආකාරය පිළිබඳව ජනතාව දෙවතාවක් හිතයි කියල. අපි මේ රටේ ජනතාවගෙනුත් ඉල්ලීමක් කරනවා අපිත් එක්ක එකතු වෙන්න.රැවටීමේ සීමාවක් තියෙනවා. එම නිසා අපි හැමෝම එකතුවෙලා ආණ්ඩුවට පණිවිඩයක් දෙමු.”

මේ අතර සමඟි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු නොවුණද බිම් මට්ටමේ එජාප පාක්ෂිකයින් මෙන්ම වෙනත් කණ්ඩායම්පවල අයද සමඟි ජන බලවේගය සමඟ එකතු වී සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

ඔහු මෙම අදහස් පළකළේ අද (20) ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වෙනුවෙන් නාමයෝජනා භාරදීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත්ගෙන් කිතුල්ගල රෝහලට ලක්ෂ 33ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක්...

නන්දනගේ වටිනාකම බිංදුවයි – ඇමති ලාල්කාන්ත

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතාගේ වටිනාකම තමන්ට...

ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාවය ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ...