තෙල් මිල වැඩි වෙන්නේ අපේ ආණ්ඩුවේ දූෂණ චංචා නිසා නෙවෙයි – මන්ත්‍රී චන්දන

වත්මන් ආණ්ඩුව එක පැයක්වත් රට තුළ ඉන්ධන නොමැති වීමට ඉඩ නොදුන් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසයි.

“ආණ්ඩුව විදියට අපි රටේ ජනතාවට අවධාරණය කරන්නේ මේ තෙල් මිල වැඩිවෙන්නේ වත්මන් ආණ්ඩුවේ දූෂණ නිසා හෝ වංචා නිසා හෝ නාස්තියක් නිසා නෙවෙයි. මේ තෙල් මිල වැඩිවෙමින් තියෙන්නේ ජාත්‍යන්තර වෙළඳපොලේ මිල ඉහළයාමත් යුධමය තත්වය නිසා ඒ ඇතිවී තිබෙන සාමකාමී තත්වය බිඳවැටීම සහ ආනයන ක්‍රියාවලිය ඇතුළෙ ඩොලර්වලින් මිල ඉහළයාම නිසා. එක පැයක්වත් අපි රට ඇතුළේ ඉන්ධන නැතිවෙන්න දුන්නෙ නෑ”

චන්දන සූරියආරච්චි මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ සීතාවක ප්‍රදේශයේ නිවසකට මුල්ගල් තැබීමේ උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තෙල් වෙළඳපොල අපේ අතේ විතරක් තිබුණා නම් මීට වඩා සහන දෙන්න තිබුණා. නමුත් දැන් අපිට ඒක කරන්න බැහැ – ජනපති

ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළඳපොලෙන් යම් පංගුවක් පෞද්ගලික අංශයට නොදී...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තද වැසි – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝමබ්‍ර් 03) දිනයේදී දිවයිනේ බොහෝ...

වික්ටෝරියා හි මෙල්බර්න් නුවර රික්ටර් මාපක 4.8 ක භූමිකම්පාවකින් කැළඹෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : මෙල්බර්න් නුවරට කිලෝමීටර්...