ඩොලර් අර්බුදය තානාපති සේවයටත් බලපායි – තවත් තානාපති කාර්යාල කිහිපයක් වසා දමයි

Date:

ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී සිටින දැවැන්ත ඩොලර් අර්බුදය හේතුවෙන් තානාපති සේවාවද අර්බුදයට ගොස් තිබෙනවා. ලොවපුරා රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල, මහ කොමසාරිස් කාර්යාල සහ කොන්සල් කාර්යාල නඩත්තු කිරීම, විදේශ කටයුතු අමාත්‍යංශයට දැවැන්ත ගැටලුවක් වී තිබේ.

මේ නිසා මාර්තු 31 වැනිදා සිට ඉරාකගේ බැග්ඩෑඩ් තානාපති කාර්යාලය, නෝර්වේහි ඔස්ලෝ තානාපති කාර්යාලය වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඉරාකය සමග තානාපති සබඳතා ඩුබායි කොන්සල් ජනරාල් කාර්යාලය හරහාත් නෝර්වේ සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර කොන්සල් ජනරාල් කාර්යාලය හරහාත් පවත්වාගෙන යාමටයි තීරණය කර තිබෙන්නේ.

මීට අමතරව ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි කොන්සල් ජනරාල් කාර්යාලයද මාර්තු 31 වැනිදා වසා දමන අතර එහි කටයුතු කැන්බරා අගනුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හරහා සිදුවනු ඇත.

මීට පෙරද ඩොලර් අර්බුදය හේතුවෙන් තානාපති කාර්යාල සහ කොන්සල් ජනරාල් කාර්යාල කිහිපයක් වසා දැමීමට තීරණය කළේය.

මාර්තු 31 වැනිදායින් පසු ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩල ප්‍රමාණය 60 ක් දක්වා පහත වැටෙන අතර උග්‍ර ඩොලර් අර්බුදය හමුවේ එම දූත සේවාද ක්‍රියාත්මක කිරීම දැඩි අර්බුදයක් වනු ඇත. ඒ අනුව ඉදිරියේදී තවත් දූත මණ්ඩල සේවා රැසක් අත්හිටුවීමට සිදුවනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Colombo Gateway Tower One පැමිණීමත් සමඟ කොළඹ වරාය නගරය නව මාවතක් කරා..

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : කොළඹ නගරය කලාපීය...

මාලි මාධ්‍ය බලධාරීන් ප්‍රංශ විකාශකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි…

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අල්-කයිඩා සම්බන්ධ සන්නද්ධ...

ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් පාරිභෝගික ගුවන් සමාගම් සඳහා ස්වයං-පරීක්ෂා කිරීමේ සේවාවක්….

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : ශ්‍රීලංකන් ගුවන් සේවයේ...