උද්දච්ඡකම කොමිනිස්ට් රෝගයක් ….

මේ වීඩියෝවේ හර්ෂ මන්ත්‍රීවරයා විසින් පොදු ජනතාව මත බදුබර පැටවූ ආන්ඩුවේ බදු සැලැස්ම විවේචනය කරමින් ආන්ඩුවට සාධනීය ලෙස බදු ආදායම් ලබාගත හැකි නිසි සැලැස්මක් ඉදිරිපත් කරයි..

එහිදී හර්ෂගේ විවේචනයට වහා කෝප වූ සබානායක බිමල් හර්ෂට දුන් මුදල් කාරක සභාවේ සභාපති පට්ටම ගලවන බවට වහසිබස් දොඩයි..

ඇත්තෙන්ම විපක්ෂය සිය යෝජනා, චෝදනා ඉදිරිපත් කල යුත්තේ විවේචනාක්ෂියෙනි.. එසේ නැතිව කොන්ද නමාගෙන ආන්ඩුවේ අධෝමුකය හෝදන විපක්ෂයක් රටට ඇවැසි නැත…

මෙහිදී හර්ෂගේ සාධනීය විවේචනය හමුවේ බිමල් ප්‍රකෝපවීමට හේතුව කුමක්ද .. ? එහි හෙතුව නම් ආන්ඩුව දෙවියන් මැවූ ශුද්දවූ වස්තුවක් ලෙසත් විපක්ෂ කන්ඩායම් සාතන්ගේ අශුද්ද කන්ඩායම් ලෙසත්
සිතාගෙන සිටින ආන්ඩුවේ ඇත්තන්ගෙ මෝඩ උද්දච්ච චින්තනයයි..

මෙය කොමිනිස්වාදයට ආවේණික රෝගයකි..

කොමිනිස්වාදයට අනුව සමාජය දෙකට බෙදී ඇත.. එකක් සර්ව නිර්දෝශී සියල්ල දත් ගරු නිර්ධන පංති පක්ෂයයි. අනෙක්වා ධනපති පන්තියේ චෞර වන්චනික සහ පහත් බලවේගයන්ය.. මෙහිදී සමාජ සංවර්ධනයේ, යුක්තියේ තනි සහ ශුද්දවූ නියෝජිතයා ලෙසින් ආඥාදායක ලෝගුව ඇඳගැනීමට කොමිනිස්ට් පක්ෂයට අයිතිය ඇතැයි ඔවුන් සිතාගෙන සිටී…

පොල්පොට්ද මේ නිර්ධන පංතියේ ශුද්දවූ ආඥ්ඥාදායක ලෝගුව හැඳගත් එක් අයෙකි.. උතුරු කොරියානු කිම් ජොන්ලත් ඒ විකාර නිර්ධන පංති ආඥ්ඥාදායක ලෝගු ඇඳගත් පිරිසකි.. ස්ටලින් තව එකෙකි.. මාවෝද තව එකෙකි..

නමුත් ආපසු හැරී බැලූ කල මේ සියල්ලන්ම ජන ජීවිත ඓතිහාසික ලෙස නන්නත්තාර කල කෘර ඒකාධිපතියන්ය..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...

අගෝස්තු මාසයේදී ජාතික උද්ධමනය 8% ඉක්මවා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අගෝස්තු මාසයේ...