පුරවැසියෙක් ලෙස නැගීසිටිනවාද? නැතහොත් යටත් වැසියෙක් ලෙස ජීවත් වනවාද? තීරණය ඔබේ අතේ – ඩලස් අලහප්පෙරුම

නිදහස ජනතා සන්ධානයේ ඩලස් අලහප්පෙරුම මහතා පෙන්වා දෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ ප්‍රධානම මරමස්ථාන වෙත අත තබමින් සිටින බවයි.

පළමුව මැතිවරණ කොමිසමට, දෙවනුව අධිකරණයටත් , ඊළග ඉලක්ක වන්නේ මාධ්‍යයට යැයි අලහප්පෙරුම මහතා පවසයි .

ජනාධිපතිවරයා විසින් මේ ගෙන යන ක්‍රියා දාමයට එරෙහිව , පක්ෂ පාට බේදයකින් තොරව ඊට මුහුණ දිය යුතු බව කී ඒ මහතා පුරවැසියෙක් වී සටන් වදිනවාද එසේත් නැතිනම් යටත්වැසියෙක් වී සිටිනවාද යන්න තීරණය කළ යුතුව ඇති බවද ඒ මහතා කී ඒ මහතා වැඩිදුරටත් පැවසූවේ සියලු ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයන් ජනාධිපතිවරයා විසින් බුල්ඩෝසර් කරමින් සිටින බවයි .

ඉදිරි සතියේදී ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරු වරුන් තුන්දෙනකු කැඳවීමට සැරසෙමින් සිටින බව කී ඒ මහතා එසේ ගෙන්වීමට සූදානම් වන්නේ පළාත් පාළන මැතිවරණය පැවැත්විය යුතුයි කී විනිසුරු වරුන් බවත් පැවසීය .

අතීතයේ දවසක හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද එම වැරැද්දම කළ බවත් අදටත් එම ක්‍රියාවෙන් වූ විනාශයෙන් ගොඩ ඒමට නොහැකිව සිටින බවද පැවසීය .

එබැවින් ඔහු අවධාරණයෙන් කියා සිටියේ ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියා පටිපාටියට එරෙහිව නැගීසිටිය යුතු බවත් මේ රටෙහි ප්‍රජාතන්ත්‍රවාදය වලදමන්නට කරන්නා වූ මේ වැඩපිළිවෙළට එරෙහිව පෙළගැසිය යුතු බවයි .

සමස්ථ දේශයම යට කරගෙන යමින් සිටින මෙම මහා බුල්ඩෝසරයට එරෙහිව පාට පක්ෂ භේද පසෙකලා පුරවැසියෙක් ලෙස නැගීසිටිනවාද නැතහොත් යටත් වැසියෙක් ලෙස ජීවත් වනවාද යන තීරණ දෙකෙන් එකක් තෝරා ගත යුතු බව අලහප්පෙරුම මහතා පැවසීය .

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...