*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

ස්වාධින රූපවාහිනි සේවයේ හිටපු සභාපති නීතිඥ ගයිරික පේරුසිංහ මහතාට රුපියල් මිලියන 50 ක් වන්දි වශයෙන් ගෙවන ලෙස නියෝගයක්

සටහන – රෂිකා හෙන්නායක

ස්වාධින රූපවාහිනි සේවයේ හිටපු සභාපති නීතිඥ ගයිරික පේරුසිංහ මහතාට රුපියල් මිලියන 50 ක් වන්දි වශයෙන් ගෙවන ලෙස කොළඹ දිසා විනිසුරු පුර්ණිමා පරණගමගේ මහත්මිය පෙරේදා (21 දා) නියෝග කලාය.ස්වාධින රූපවාහිනි සේවය, එහි හිටපු සභාපති නිව්ටන් ගුණරත්න හා ප්‍රවෘත්ති කළමණාකරු සුදර්මන් රදලියගොඩ යන අයට එක්ව හා වෙන් වෙන්ව මෙම මුදල ගෙවන ලෙසද, දිසා විනිසුරුතුමිය වැඩිදුරටත් නියෝග කලේය.එහි හිටපු සභාපති ගයිරික පේරුසිංහ මහතා විසින් 2006 වසරේදි යොමු කරන ලද පැමිණිල්ලක ඒකපාර්ශවික විභාගය අවසන් කිරිමෙන් පසු පරණගම මහත්මිය විසින් මෙම නියෝගය සිදුකරනු ලැබිය.

මෙම පැමිණිල්ලට එරෙහිව විත්තිකරුවන් විසින් මතු කරන ලද මුලික විරෝධතාවයක් විභාග කල බස්නාහිර පළාත්බද මහාධිකරණය එකීවිරෝධතාවය ප්‍රතික්ෂේප කිරිමෙන් අනතුරුව එම නඩුව යළි විභාග කිරිම සදහා කොළඹ දිසා අධිකරණයට යොමු කර තිබිණි.ඉහත පැමිණිල්ලට එරෙහිව උත්තරයක් සහ විසදිය යුතු ප්‍රශ්ණද වාර්තාගත කරන ලද අතර සාක්ෂි හා ලේඛන ලැයිස්තු වලට අනුමැතිය ලබා ගැනිමෙන්ද පසු වරින් වර මෙම නඩුව සමථයකට පත්කර ගැනිම සදහා දෙපාර්ශවය අතර සාකච්ජා පැවැත්විණි.

කෙසේ වුවද එම සාකච්ජා සාර්ථක නොවීම හේතුවෙන් නඩුව විභාග කිරිමට තීරණය කරන ලදී.කෙසේ වුවද නඩුව විභාගයට ගත් දිනයේදි ස්වාධින රූපවාහිනි සේවයේ හා එහි හිටපු සභාපති නිව්ටන් ගුණරත්න මහතාගේ පෙනී සිටිමක් හෝ නීතිඥ නියෝජනයක් සිදුනොවිණි. විත්තියේ පාර්ශවය වෙනුවෙන් මෙම නඩුවට කලින් පෙනී සිටි ලේඛණගත නීතිඥවරයා අධිකරණය ඉදිරියේදි පෙනී සිටිමින් සදහන් කර සිටියේ නඩුව සදහා තමටඋපදෙස් ලැබි නොමැති බවයි. ඒ අනුව මෙම විත්තිකරුවන්ට දෙදෙනාට එරෙහිව නඩුව ඒකපාර්ශවිකව විභාග කිරිමට පුර්වගාමි විනිසුරුවරයා විසින් එදින තීරණය කරන ලදී.

මේ අතර ප්‍රවෘත්ති කළමණාකාර සුදර්මන් රදලියගොඩ මීට පෙර නඩු දිනයක පෙනී නොසිටිම නිසා ඒ මහතාගේ නීතිඥයින් අධිකරණයට දැනුම් දී සිටියේ ඔහුගෙන් තමන්ට උපදෙස් ලැබි නැති බවයි. ඒ අනුව ඔහුට එරෙහිවද ඒකපාර්ශවිකව නඩුව විභාග කිරිමට 2017.09.04 වන දින පුර්වගාමි විනිසුරුවරයා විසින් ඒ වන විටත් තීරණය කර තිබිණි.නීතිඥ අනුෂා පේරුසිංහ මෙනව්යගේ උපදෙස් පිට ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා සහ ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා පැමිණිල්ල වෙනුවෙන් මුලින්ම පෙනි සිටි අතර පසුව නීතිඥ නන්දපාල වික්‍රමසූරිය මහතා සමග නීතිඥ තාරනාත් පල්ලියගුරුගේ මහතා පෙනි සිටියේය.මුලික රුපියල් මිිලියන 50 ට අමතරව නඩු ගාස්තු හා නෛතික පොලියද, මෙහි පැමිණිලිකාර පේරුසිංහ මහතාට ගෙවන ලෙස දිසා විනිසුරු පුර්ණිමා පරණගමගේ මහත්මිය සිය නියෝගය මගින් වැඩිදුරටත් සදහන් කර තිබේ.

මෙම නඩුවට පාදක වු අපහස කිරිමේ ප්‍රවෘත්තිය ස්වාධින රූපවාහිනි සේවය මගින් ප්‍රචාරය කරන ලද්දේ 2004 මහ මැතිවරණය අවසන් වී සතියක් වැනි කාලයක් ඇතුලත අප්‍රේල් මස 12 වන දිනය. ඒ වන තෙක් ස්වාධින රූපවාහිනි සේවයේ සභාපතිවරයාවශයෙන් කටයුතු කරමින් සිටි පේරුසිංහ මහතාගේ වකවානුව තුළ ආයතනය තුළ දුෂණ, වංචා හා අක්‍රමිකතා සිදුවු බවට අදාළ ප්‍රවෘත්තිය මගින් පේරුසිංහ මහතාට චෝදනා නගා තිබිණි. 2003 වසරේ නොවැම්බර් මස 03 වන දින එවකට ජනාධිපතිණිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් එක්සත් ජාතික පක්ෂ රජයේ අමාත්‍යාංශ 03ක් පවරා ගැනිමෙන් අනතුරුව පේරුසිංහ මහතාවද ස්වාධින රූපවාහිනි සේවයේ සභාපති ධුරයෙන් ඉවත් කරන ලද බව ජනාධිපතිනිය විසින් දැනුම් දී තිබුණි. ජනාධිපතිනියගේ එම තීරණය ප්‍රතික්ෂේප කල පේරුසිංහ මහතා තමා තවදුරටත් ස්වාධින රූපවාහිනියේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන බව දැනුම් දුන් නමුත් යුධ හමුදාව යොදවාපේරුසිංහ ආයතන පරිශ්‍රයට ඇතුල් වීම වළක්වන ලදී. පේරුසිංහ මහතාගේ ඊනියා ඉවත් කිරිමෙන් පසු නිව්ටන් ගුණරත්න මහතා එහි සභාපතිවරයා වශයෙන් නම් කරන ලදී.

එහෙත් ස්වාධින රූපවාහිනි සේවය භාණ්ඩාගාරයට කොටස් හිමි සමාගමක් වු හෙයින් නිව්ටන් ගුණරත්න මහතා නිත්‍යානුකූල සභාපතිවරයා වශයෙන් සමාගම් පනත යටතේපත්කල නොහැකි යැයි සදහන් කල පේරුසිංහ මහතා සිය අධ්‍යක්ෂක මණ්ඩලය සමග එක්ව ආයතනයේ සියළු ගිණුම් පරිශිලිනය කිරිම අත්හිටුවා තිබුණි.මෙම නඩුවේ 04 වන විත්තිකරු වශයෙන් නම්කර සිටි ප්‍රවෘත්ති අංශයේ උපදේශක මහින්ද අබේසුන්දර මහතා නඩුව පැවැත්වෙන අතරතුර මියයාම හේතුවෙන් ඔහුට එරෙහිව නඩු කටයුත්ත තවදුරටත් පවත්වාගෙන යාම අනවශ්‍ය බව පැමිණිලිකරුගේ නීතිඥයින් අධිකරණයට දැනුම් දී තිබිණි. ඒ අනුව පැමිණිල්ල ඒකපාර්ශවිකව විභාග කරන ලද්දේ 1, 2 හා 3 වන විත්තිකරුවන්ට එරෙහිව පමණි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan