සාෆිගේ හිග වැටුප් ගෙවීමට නීතිපති එකඟ වෙයි

Date:

වඳ සැත්කම් සිදුකළ බවට අසත්‍ය චෝදනා එල්ල කරමින් වැඩ තහනමට ලක් වූ තමාගේ, වැඩ තහනම් කළ කාලසීමාවට අදාල හිග වැටුප් ලබාදෙන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහමඩ් සාෆි මහතා ගොනුකර ඇති රීට් පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවා තිබිණි.

නීතිපතිවරයා වෙනුවෙන් අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා ප්‍රකාශ කළේ වෛද්‍යවරයාගේ සියලු හිග වැටුප් හා දීමනා ගෙවීමට කටයුතු කරන බවයි. ඊට අදාලව රාජ්‍ය පරිපාලන ආමත්‍යංශයේ ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ ලිපියක්ද අධිකරණය වෙත ලබා දී තිබෙනවා.

අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය ලිපියෙන් පවසන්නේ සාෆි වෛද්‍යවරයාගේ වැඩ තහනම් කළ කාලසීමාවට අදාල වැටුප්, දීමනා, ජීවන් වියදම් දීමනා, අතුරු දීමනා ඇතුළු සියලු ගෙවීම් සිදු කිරීමට පියවර ගන්නා බවයි.

තමන්ට අදාලව සිදුකළ විනය පරීක්ෂණය කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ චන්දන කැන්දගමුව මහතා විසින් පැවැත්වීම සම්බන්ධයෙන් විරෝධය පළකරන බවද වෛද්‍යවරයා සිය පෙත්සමේ සඳහන් කර තිබිණි. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා සඳහන් කළේ ඊට විරුද්ධ බවයි.

සෝභිත රාජකරුණා, ධම්මික ගනේපල යන අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවා තිබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...