සාෆිගේ හිග වැටුප් ගෙවීමට නීතිපති එකඟ වෙයි

Date:

වඳ සැත්කම් සිදුකළ බවට අසත්‍ය චෝදනා එල්ල කරමින් වැඩ තහනමට ලක් වූ තමාගේ, වැඩ තහනම් කළ කාලසීමාවට අදාල හිග වැටුප් ලබාදෙන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහමඩ් සාෆි මහතා ගොනුකර ඇති රීට් පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවා තිබිණි.

නීතිපතිවරයා වෙනුවෙන් අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා ප්‍රකාශ කළේ වෛද්‍යවරයාගේ සියලු හිග වැටුප් හා දීමනා ගෙවීමට කටයුතු කරන බවයි. ඊට අදාලව රාජ්‍ය පරිපාලන ආමත්‍යංශයේ ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ ලිපියක්ද අධිකරණය වෙත ලබා දී තිබෙනවා.

අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය ලිපියෙන් පවසන්නේ සාෆි වෛද්‍යවරයාගේ වැඩ තහනම් කළ කාලසීමාවට අදාල වැටුප්, දීමනා, ජීවන් වියදම් දීමනා, අතුරු දීමනා ඇතුළු සියලු ගෙවීම් සිදු කිරීමට පියවර ගන්නා බවයි.

තමන්ට අදාලව සිදුකළ විනය පරීක්ෂණය කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ චන්දන කැන්දගමුව මහතා විසින් පැවැත්වීම සම්බන්ධයෙන් විරෝධය පළකරන බවද වෛද්‍යවරයා සිය පෙත්සමේ සඳහන් කර තිබිණි. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා සඳහන් කළේ ඊට විරුද්ධ බවයි.

සෝභිත රාජකරුණා, ධම්මික ගනේපල යන අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවා තිබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...