*
Monday, September 23, 2024
spot_img

Latest Posts

පොලී අනුපාතික අඩු වෙන්න පටන් අරන්ද ?

මාර්තු 22 වනදා පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී පොලී අනුපාතික වල සැලකිය යුතු අඩුවීමක් දැකිය හැකියි. දින-91 පොලී අනුපාතික 26.23% දක්වාත්, දින-182 පොලී අනුපාතික 26.12 % දක්වාත් අඩු වී ඇති අතර, දින-364 පොලී අනුපාතික 24.32% දක්වා පහත වැටී තිබෙනවා.

පොලී අනුපාතික මෙලෙස පහත වැටී තිබෙන්නේ රුපියල් බිලියන 125ක, සැලකිය යුතු තරම් විශාල, බිල්පත් තොගයක් වෙන්දේසි කරද්දී වීම විශේෂත්වයක්. මෙම බිල්පත් ප්‍රමාණය සඳහා එමෙන් දෙගුණයකට ආසන්න, රුපියල් බිලියන 241.3ක ලංසු ඉදිරිපත් වී තිබෙනවා.

මෙයින් පෙනී යන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා අදාළ අවදානම්හි පහළ යාමක් විය හැකියි. මේ වන විට ප්‍රසිද්ධ කර ඇති ස්ථායීකරණ වැඩපිළිවෙළ අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු වනු ඇති බව පෙනෙන්නට ඇතත් එයින් සිදු විය හැකි අලාභය ගැන බිල්පත් හිමියන්ට තිබුණු අවිනිශ්චිතතා අඩු වී තිබෙනවා.

දේශීය ණය කියන්නේ මොනවාද?

අප කතා කරන සන්දර්භය තුළ, දේශීය ණය යනු ශ්‍රී ලාංකිකයින් විසින් රාජ්‍ය අංශයට ලබා දී ඇති ණයයි. එම සන්දර්භය තුළ, විදේශ ණය යනු රාජ්‍ය අංශය විසින් විදේශිකයින්ගෙන් ලබා ගෙන ඇති ණයයි. කෙසේ වුවද, මෙම වර්ගීකරණය ආර්ථික සංඛ්‍යාලේඛණ වල කරන වර්ගීකරණයක් මිස භෞතික හෝ නීතිමය වෙනස්කමක් මත කරණ වර්ගීකරණයක් නෙමෙයි. අයිතිය වෙනස් වීම නිසා ඕනෑම මොහොතක දේශීය ණයක් විදේශීය ණයක් විය හැකියි. එහි අනෙක් පැත්තද විය හැකියි.

නීතිමය කටයුත්තක් වන ණය ප්‍රතිව්‍යුහගත කිරීමකදී ඉහත වර්ගීකරණය එතරම් වැදගත් නැහැ. එහිදී වැදගත් වන්නේ ණය ගිවිසුම සිදුව ඇති නීතියයි. ඇතැම් ණය ලංකාවේ නීතිය යටතේ ලබාගෙන ඇතත්, තවත් ඇතැම් ණය ලබා ගෙන තිබෙන්නේ වෙනත් රටක නීතියක් යටතේයි. මේ ගොඩවල් දෙකේම දේශීය ණය මෙන්ම විදේශීය ණයද තිබෙනවා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යය තුළ, ණය වර්ගීකරණය කරන්නේ මේ ආකාරයෙන් නෙමෙයි. එහිදී කාණ්ඩ තුනක් යටතේ ණය වර්ගීකරණය කෙරෙනවා.

-විදේශ නීතියක් යටතේ විදේශ ව්‍යවහාර මුදලකින් ලබාගෙන ඇති ණය

-දේශීය නීතියක් යටතේ විදේශ ව්‍යවහාර මුදලකින් ලබාගෙන ඇති ණය

-නීතියක් යටතේ ශ්‍රී ලංකා රුපියල් වලින් ලබාගෙන ඇති ණය

මෙම කාණ්ඩ තුන අතරින් ප්‍රතිව්‍යුහගත කිරීම වඩාත්ම අසීරු පළමු කාණ්ඩයේ ණයයි.

පසුගිය වසර අවසානයේදී ඩොලර් මිලියන 83,595ක් ලෙස ඇස්තමේන්තු කර ඇති ලංකාවේ මුළු ණය ප්‍රමාණයෙන් ඩොලර් මිලියන 41,474ක්ම පළමු කාණ්ඩයේ ණයයි. එම මුදලින් ඩොලර් මිලියන 3,002ක් පසුගිය වසර තුළ පැහැර හැර අවසානයි. දෙවන කාණ්ඩයේ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 4,069ක් වන අතර එයින් ඩොලර් මිලියන 230ක්ද පසුගිය වසර තුළ පැහැර හැර තිබෙනවා. තුන් වන කාණ්ඩය යටතේ ඇති රුපියල් ණය වල ඩොලර් අගය මිලියන 38,052ක්.

පළමු කාණ්ඩයට අයත් ණය වලින් බහුපාර්ශ්වික ණය, මුදල් හුවමාරු ණය සහ නිල වශයෙන් ණය පැහැර හැරීමෙන් පසුව ලබාගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු වන්නේ නැහැ. ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිතව ඇත්තේ ඉතිරි ද්විපාර්ශ්වික ණය සහ වාණිජ ණයයි. මීට අමතරව දෙවන කාණ්ඩයේ ණයද ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු වෙනවා.

ඉහත කාණ්ඩ තුන තුළම දේශීය ණය තිබෙනවා. පළමු කාණ්ඩය තුළ ඇති මුහුණත අගය ඩොලර් මිලියන 12,250ක් වන ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රමාණයෙන් ඩොලර් මිලියන 1,750ක් දේශීය ණය වන අතර දෙවන කාණ්ඩය බොහෝ දුරට දේශීය ණයයි. මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීම දේශීය බැංකු වල ශේෂ පත්‍ර කෙරෙහි බලපානවා.

වැඩි වශයෙන්ම දේශීය ණය වන තුන්වන කාණ්ඩය හා අදාළව නිශ්චිත තීරණයක් තවමත් ගෙන නැතත් යම් ආකාරයක ණය ප්‍රතිසංවිධානය කිරීමක් අපේක්ෂා කළ හැකියි. මේ වන විට ශ්‍රී ලංකා බලධාරීන් සහ ඔවුන්ගේ උපදේශකයින් විසින් රටේ මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වයට හානියක් නොවන පරිදි මෙම තුන්වන කාණ්ඩයේ ණය ප්‍රතිසංවිධානය කළ හැකි විවිධ විකල්ප ක්‍රමවේද සලකා බලමින් සිටිනවා.

~ ඉකොනොමැට්ටා

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan