*
Wednesday, April 17, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 03/23

  1. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම, ශ්‍රී ලංකාවට යළි ජාත්‍යන්තර පිළිගැනීම ලබා දෙනු ඇති අතර, රට බංකොලොත් රාජ්‍යයක් නොවන බවට තහවුරු කරනු ඇති බවත්, බැංකුවලට යළි ජාත්‍යන්තර පිළිගැනීම ලබා ගැනීමට ඉඩ සලසනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි – මෙමඟින් අඩු පොලී ණය සඳහා අවස්ථා ජනිත කරනු ඇති අතර, විදෙස් ආයෝජකයන්ගේ විශ්වාසය නැවත ගොඩනඟා ශක්තිමත් නව ආර්ථිකයකට පදනමක් සකස් කරනු ඇති බව ද පවසයි.
  2. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි – ශ්‍රී ලංකාවේ ආර්ථිකය සංවර්ධනය කිරීමට සහාය වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට දේශපාලන වෙනස්කම් පසෙකලා එක්වන මෙන් විපක්ෂයෙන් ඉල්ලා සිටියි.
  3. 2025 වන විට දළ දේශීය නිශ්පාදිතයේ ප්‍රාථමික හිඟය සියයට 2.5 දක්වා අවම කිරීමට සහ 2026 වන විට දළ දේශීය නිශ්පාදිතයේ ආදායම සියයට 14 දක්වා ඉහළ දැමීමට රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි – සම්මත ආයතනික ආදායම් බදු අනුපාතය සියයට 30 දක්වා ඉහළ දැමීමටත්, ආංශික බදු නිවාඩු අහෝසිකර දැමීමටත් නියමිතයි – උපයන විට බදු (PAYE) අනුපාතය සියයට 12 සිට සියයට 15 දක්වා ඉහළ දැමීමටත්, බදු නිදහස් කිරීමේ සීමාව රු. මිලියන 300 සිට රු. මිලියන 80 දක්වා පහත දැමීමටත් නියමිතයි.
  4. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම ලැබීම පිළිබඳව තමා සතුටුවන බව සමඟි ජන බලවේගයේ ආර්ථික ගුරු පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි – එය අගය නොකර සිටීමට තරම් තමා කුහක නැති බව ද පවසයි – මීට ඉහත රටේ ස්වෛරී ණය පැහැර හැරීම වෙනුවෙන් දැඩිව පෙනී සිටියේ ද මෙම හර්ෂ ද සිල්වාම ය.
  5. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය අනුමත වීම සමඟ සියලු ගැටලු තුරන් වී වනු ඇති බවට ඇතැමුන් සිතන බව සමඟි ජන බලවේගයේ ආර්ථික විශේෂඥ පා.ම. ඉරාන් වික්‍රමරත්න පවසයි – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, මුලින් බෙල්ල තොණ්ඩුවට දමා ඊළඟට ඔවුන් විසින් අපට කන්න දෙනු ඇතැයි අපේක්ෂා කරන්නක් හා සමාන බව අවධාරණය කරයි – ජනතාවට සමාජ ආරක්ෂණය ඉදිරියේදී ලැබෙන්නේ කොහෙන්ද යන්න ප්‍රශ්න කර සිටියි.
  6. දිවයින තුළ ලිස්ටීරියෝසිස් (listeriosis) රෝග ව්‍යාප්තියක් සඳහා අවදානමක් නොමැති බවට වසංගත රෝග විද්‍යා වැඩබලන ප්‍රධානී වෛද්‍ය සමිත ගිනිගේ ජනතාවට යළි සහතික වෙයි – මෙම බැක්ටීරියා ආසාදනය සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
  7. පෞද්ගලික අංශයේ ණය සහ පෞද්ගලික අංශයේ බොල් ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා දළ දේශීය නිශ්පාදිතයෙන් සියයට 06ක් වැය කිරීමට ශ්‍රී ලංකාවේ බැංකු සහ මූල්‍ය අංශවලට සිදුවනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කරයි – බොල් ණය පියවා ගැනීම සඳහා එම මුදලට සමාන ප්‍රාග්ධන මුදල් සම්භාරයක් අවශ්‍ය වන බව ද සඳහන් කරයි.
  8. රුපියගේ අගය නැවත ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අධිප්‍රමාණය වෙයි – ගැනුම් මිල රු. 312.61; විකිණුම් මිල රු. 330.16 – කැරට් 22 රන් පවුමක මිල රු. 152,000 ලෙස සටහන් වෙමින්, රත්‍රං මිල ද රු. 10,000 කින් පමණ අඩුවෙයි.
  9. ශ්‍රී ලංකාව මේ වන විට නිරයේ විවේක කාලය ගත කරමින් සිටින බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ෂානුක සෙනරත් පවසයි – මෙය හිමකුට්ටියක මුදුන පමණක් බවත්, සියලු ගැටලු තවමත් පවතින්නේ පත්ලේ බවත් අවධාරණය කරයි.
  10. ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව මාර්තු 24 සිකුරාදා අලුයම සිට රාමසාන් සඳහා වූ ආහාර ගැනීමෙන් වැළකී සිටීමේ ක්‍රියාකාරකම ආරම්භ කරන බව කොළඹ ප්‍රධාන මස්ජිදය ප්‍රකාශ කරයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan