පාසල් ක්ෂේත්‍රයේ ගැටලු සාකච්ඡා මාර්ගයෙන් කඩිනමින් නිරාකරණය කරනවා – ජනාධිපති රනිල්

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ පාසල් ක්ෂේත්‍රයේ ගැටලු සාකච්ඡා මාර්ගයෙන් කඩිනමින් නිරාකරණය කර ගැනීමට හැකිවනු ඇතැයි තමා විශ්වාස කරන බවත්, එසේ නොවුණ හොත් පාසල් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවට කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට සිදුවනු ඇති බවයි .

කොළඹ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ පැවති පිරිවෙන් හා පාසල් සිසු දරුවන්ට නොමිලේ පෙළ පොත් හා නිල ඇඳුම් රෙදි බෙදා දීමේ ජාතික උත්සවය අමතමින් අද (23) පෙරවරුවේ ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත්තේ, පාසල් සිසු දරුවන් විවිධ කණ්ඩායම්වල ප්‍රාණ ඇපකරුවන් බවට පත් කර ගැනීමට කිසි සේත් ඉඩ නොතබන බවයි . අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කළ මෙම උත්සවයේදී ජනාධිපතිවරයා ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ, සිල් මාතාවන් සහ සිසු දරුවන් 40 දෙනෙකු සඳහා සංකේතවත්ව පෙළ පොත් හා නිල ඇඳුම් රෙදි ප්‍රදානය කිරීම සිදු කර ඇත.

2023 වසරට අදාළ පාසල් නිල ඇඳුම්වලින් 70%ක ප්‍රමාණයක් චීන රජයේ ප්‍රදානයක් ලෙස ලැබී ඇති බවත් මේ වනවිට ඒ සියල්ල බෙදා හැර ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැකවෙන අතර , ඉන්දීය ණය ආධාර යටතේ අමුද්‍රව්‍ය ලබා ගනිමින් රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව හා දේශීය සැපයුම්කරුවන් මගින් මුද්‍රණය කරන ලද පාසල් පෙළ පොත් දීප ව්‍යාප්තව බෙදා හැරීමේ කටයුතු මීට පෙර ආරම්භ කර තිබූ අතර එය නිල වශයෙන් බෙදා දීම ද මෙහිදී සිදුකර තිබේ.

දේශීය ව්‍යාපාරිකයන් විසින් ඉතිරි නිල ඇඳුම් සපයනු ඇතිබවයි වාර්තා වන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...

ආර්ථිකයේ කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

2026 වසරේ මුල් භාගයේදී මෙරට සංචාරක ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : ශ්‍රී ලංකා සංචාරක...

ට්‍රම්ප්ගේ ජාතිවාදී වීඩියෝව සහ දේශපාලන ආන්දෝලනය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු ජනාධිපති බරක් ඔබාමා සහ...