රාජ්‍ය ව්‍යාපාර 7 ක රජයේ කොටස් විකිණීමට තීරණය කරයි.

සටහන – රෂිකා හෙන්නායක

රාජ්‍ය ව්‍යාපාර 7 ක රජයේ කොටස් විකිණීමට තීරණය කර ඇති අතර , ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ලිට්‍රෝ ගෑස් සමාගමද ඊට ඇතුලත් වේ. පසුගිය මාර්තු 13 වැනිදා ගත් කැබිනට් තීරණයට අනුව එම පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහකරණ ඒකකය අද පස්වරුවේ නිවේදනය කරනු ලැබීය.

කැබිනට් තීරණයට අනුව රජයේ කොටස් විකිණීමට තීරණය කර ඇති රාජ්‍ය ව්‍යාපාර ලැයිස්තුව ලෙස පහත සඳහන් රාජ්‍ය ව්‍යාපාර සඳහන් වේ.

◾ ශ්‍රීලංකන් ගුවන් සමාගම හා ඇතුළු ශ්‍රී ලංකන් කේටරින් සමාගම

◾ ශ්‍රී ලංකා ටෙලිකොම් පී.එල්.සී

◾ සී/ස ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව

◾ කැන්විල් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම ( කොළඹ – ෆ්‍රැන්ඩ් හයට් )

◾ හොටෙල් සංවර්ධන ලංකා සමාගම (කොළඹ හිල්ටන් හෝටලය)

◾ සී/ස ලිට්‍රෝ ගැස් පර්යන්ත (පුද්) සමාගම ඇතුළු ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම

◾ ලංකා හොස්පිටල් සංස්ථා පී. එල්. සී.

යන ආයතනවල කොටස් අයිතිය එලෙස පැවරීමට තීරණය කර ඇත.

එම සමාගම්වලට ගනුදෙනුකාර උපදේශන සේවා සැපයීම හා කොටස් අයිතිය පැවරීමේ කටයුතු සඳහා සහායවීමට පළපුරුදු උපදේශන හෝ සංවර්ධන මූල්‍ය ආයතන පත්කර ගැනීමට නියමිත අතර එම උපදේශකවරුන් විසින් විකුණුම් පාර්ශ්වය වෙනුවෙන් නිසි ඇගයීම් හා විමර්ශන කටයුතු තක්සේරු කිරීම හා ඩිජිටල් දත්ත ගබඩාවක් සකස් කිරීම, ගනුදෙනු උපක්‍රම හා අලෙවිකරණ උපක්‍රම සකස් කිරීම මඟින් එම ව්‍යපාර බැහැර කිරීමට අවශ්‍ය සහය ලබාදෙනු ඇත.

ඒ අනුව ඉදිරියේදී මෙම රාජ්‍ය ව්‍යාපාරවල රජයේ කොටස් අලෙවි කිරීමට අදාළව කැමැත්ත පලකිරීමේ නිවේදනය හා යෝජනා කැදවීමේ නිවේදන ක්‍රියාවළිය සඳහා දේශීය හා ජාත්‍යන්තර මාධ්‍යවල දැන්වීම් පළ කිරීමට නියමිත බව සඳහන් .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...