අවුරුදු කන්නත් පොඩ්ඩක් අඳුරෙ ඉන්න වෙයි – මහජන උපයෝගීතා කොමිසම

Date:

අප්‍රේල් මාසය වනවිට විදුලි කප්පාදුව අවසන් කිරීමට බලාපොරොත්තුවෙන් සිටියද විදුලි කප්පාදුව මැයි මාසය දක්වා බලපැවැත්වෙනු ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ජල විදුලිය දිනෙන් දිනම අවම වීම ඊට හේතුව බවයි එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරන්නේ.

විදුලි නිෂ්පාදනය සඳහා ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලැබුණද දිනෙන් දිනම විදුලිය නිෂ්පාදනය සඳහා භාවිතා කරන ජල ධාරිතාවය දිනෙන් දිනම අවම වෙමින් තිබෙන බවයි වාර්තා වන්නේ. ඒ අනුව ජාතික විදුලි ධාරිතාවය සම්පූර්ණ කිරීමේ අර්බුදයකට විදුලිබල මණ්ඩලය මුහුණ දී සිටී.

මේ නිසා එළඹෙන අවුරුදු උත්සවය සැමරීමද අඳුරේ සිටිමින් සිදු කිරීමට ජනතාවට සිදුවන බව ජනක රත්නායක මහතා ප්‍රකාශ කරනවා. කෙසේ නමුත් අවම වශයෙන් අලුත් අවුරුදු දින දෙක තුළදී හෝ කප්පාදුවකින් තොරව විදුලි සැයපුම ලබාදීමට සියලු උත්සාහයන් ගන්නා බවද ඔහු පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෝල්ට්‍රීම් වතුයායේ වතු කම්කරුවන්ට නව නිවාස ඉදිකිරීම් ඇරඹේ!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : ඊයේ (04) දින...

2026 නව පාසල් වාරය අද ඇරඹේ – නව විෂය මාලා ආරම්භය ගැන අගමැතිගෙන් පැහැදිලි කිරීමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අද (05) සිට 2026 නව පාසල් වාරය...

කිසිම රටකට ජාත්‍යන්තර පොලීසිය ලෙස ක්‍රියා කළ නොහැකියි – චීනය

කොළඹ LNW: කිසිදු රටකට ජාත්‍යන්තර පොලීසිය ලෙස ක්‍රියා කළ...

සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබා ගැනීමට නව ක්‍රමයක් !

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : ඉදිරියේදී ,...