අවුරුදු කන්නත් පොඩ්ඩක් අඳුරෙ ඉන්න වෙයි – මහජන උපයෝගීතා කොමිසම

අප්‍රේල් මාසය වනවිට විදුලි කප්පාදුව අවසන් කිරීමට බලාපොරොත්තුවෙන් සිටියද විදුලි කප්පාදුව මැයි මාසය දක්වා බලපැවැත්වෙනු ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ජල විදුලිය දිනෙන් දිනම අවම වීම ඊට හේතුව බවයි එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරන්නේ.

විදුලි නිෂ්පාදනය සඳහා ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලැබුණද දිනෙන් දිනම විදුලිය නිෂ්පාදනය සඳහා භාවිතා කරන ජල ධාරිතාවය දිනෙන් දිනම අවම වෙමින් තිබෙන බවයි වාර්තා වන්නේ. ඒ අනුව ජාතික විදුලි ධාරිතාවය සම්පූර්ණ කිරීමේ අර්බුදයකට විදුලිබල මණ්ඩලය මුහුණ දී සිටී.

මේ නිසා එළඹෙන අවුරුදු උත්සවය සැමරීමද අඳුරේ සිටිමින් සිදු කිරීමට ජනතාවට සිදුවන බව ජනක රත්නායක මහතා ප්‍රකාශ කරනවා. කෙසේ නමුත් අවම වශයෙන් අලුත් අවුරුදු දින දෙක තුළදී හෝ කප්පාදුවකින් තොරව විදුලි සැයපුම ලබාදීමට සියලු උත්සාහයන් ගන්නා බවද ඔහු පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

අල්ලස් සිද්ධියකට අධිකරණ රෙජිස්ටාර්වරයෙක් රිමාන්ඩ්!

කොළඹ LNW:මේ වන විට සිර දඬුවම් නියම වී සිටින...