සතොස අලෙවිසැල්වලින් මිලදී ගත හැකි ද්‍රව්‍ය තවදුරටත් සීමා කරයි – චක්‍රලේඛයකුත් නිකුත් වෙයි

Date:

සතොස අලෙවිසැල් හරහා අලෙවි කරන අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග රැසක් සඳහා සීමා පනවා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සතොස ශාඛා කළමනාකරුවන්ට උපදෙස් ලබාදෙමින් චක්‍රලේඛයක්ද නිකුත් කර තිබෙනවා.

අදාල චක්‍රලේඛය අනුව එක් පාරිභෝගිකයෙකුට අලෙවි කළහැකි සහල් උපරිම ප්‍රමාණය කිලෝග්‍රෑම් 05 කි. ආනයනික නාඩු රුපියල් 100 කටත් ආනයනික පොන්නි සම්බා රුපියල් 130 කටත් සතොස අලෙවිසැල් හරහා මිලදී ගත හැකිය.

මීට අමතරව එක් පාරිභෝගිකයකෙුට සීනි කිලෝග්‍රෑම් 01 ක් හා පරිප්පු ග්‍රෑම් 500 ක් මිලදී ගත හැකිය. සීනි කිලෝග්‍රෑම් 01 ක මිල රුපියල් 160 ක් වේ.

කෙසේ නමුත් පාරිභෝගිකයන් පවසන්නේ ඇතැම් අලෙවිසැල්වල එම ප්‍රමාණය හෝ මිලදී ගැනීමට නොමැති බවයි. තිරිඟු පිටි ඇතුළු තවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් සතොස අලෙවිසැල්වල නොමැති බවද වාර්තා වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසන්ත මල්ලිගේ දවල් මිගෙල් රෑ දනියෙල් දයලෙක්තිකය ….

යමෙකු කොටස් වෙළඳපොල තුලදී යම් සමාගමක කොටස් මිලදීගන්නේ නම්...

නාවික හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයකු වන...

හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...