කම්කරු කොන්ග්‍රසයත් ආණ්ඩුවෙන් හැලෙයිද?

Date:

ආණ්ඩුවේ හවුල්කාර පාර්ශ්වයක් වන ලංකා කම්කරු කොන්ග්‍රසයද ආණ්ඩුව සමග තවදුරටත් සිටින්නේද එසේ නැතහොත් ආණ්ඩුවෙන් ඉවත් වන්නේද යන්න පිළිබඳව සලකා බලමින් සිටින බව වාර්තා වේ.

එම පක්ෂය, පසුගියදා පැවති සර්ව පාක්ෂික සමුළුවට සහභාගිවීමෙන්ද වැළකී සිටි අතර ආණ්ඩුවේ නායකයන් සමග තිබෙන ගැටලු ඊට හේතු වී තිබේ.

වත්මන් ආණ්ඩුව පිහිටුවීමේදී ලංකා කම්කරු කොන්ග්‍රසයට කැබිනට් ඇමති තනතුරක් ලබාදෙන බවට පොදුජන පෙරමුණේ නායකයන් පොරොන්දු වී ඇති නමුත් ඔවුන්ට හිමිවූයේ රාජ්‍ය ඇමති ධුරයක් පමණි. ඒ පක්ෂයේ වත්මන් නායකයා වන ජීවන් තොන්ඩමන් මහතාටයි. ඔහු පවසන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයට කැබිනට් අමාත්‍ය ධුර දෙකක්ම හිමි වී ඇති නමුත් ඉන් එකක් හෝ සිය පක්ෂයට ලබා නොදුන් බවයි.

මේ සම්බන්ධයෙන් මුල සිටම එම පක්ෂය නොසතුටින් පසු වූ අතර ආණ්ඩුවේ අර්බුද උත්සන්නවීමත් සමග කැබිනට් ඇමති තනතුර සම්බන්ධයෙන් කේවල් කිරීමට ඔවුන් සූදානම් වේ.

යම් හෙයකින් තවදුරටත් කැබිනට් තනතුරක් ලබා නොදෙන්නේ නම් ඉතා නුදුරේදීම ආණ්ඩුවේ තවදුරටත් සිටිනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පක්ෂයේ ඉහළ පෙළේ නායකයන් සූදානම්ව සිටී.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...

විගණකාධිපති ප්‍රශ්නය ගැන ත්‍රෛනිකායික මහනාහිමිවරු ජනපතිට ලියති!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ස්ථිර විගණකාධිපතිවරයෙක් පත් කිරීමට නොහැකි වීම...

ඉන්දියාව හා යුරෝපා සංගමය නව ඓතිහාසික වෙළඳ ගිවිසුමකට එළඹේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දශක දෙකකට ආසන්න...

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයේ සිටි කාන්තාවක් රෝහල්ගත කරයි

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මරාන්තික උපවාසක නිරතවූ සංවර්ධන නිලධාරිනියක්...