කම්කරු කොන්ග්‍රසයත් ආණ්ඩුවෙන් හැලෙයිද?

Date:

ආණ්ඩුවේ හවුල්කාර පාර්ශ්වයක් වන ලංකා කම්කරු කොන්ග්‍රසයද ආණ්ඩුව සමග තවදුරටත් සිටින්නේද එසේ නැතහොත් ආණ්ඩුවෙන් ඉවත් වන්නේද යන්න පිළිබඳව සලකා බලමින් සිටින බව වාර්තා වේ.

එම පක්ෂය, පසුගියදා පැවති සර්ව පාක්ෂික සමුළුවට සහභාගිවීමෙන්ද වැළකී සිටි අතර ආණ්ඩුවේ නායකයන් සමග තිබෙන ගැටලු ඊට හේතු වී තිබේ.

වත්මන් ආණ්ඩුව පිහිටුවීමේදී ලංකා කම්කරු කොන්ග්‍රසයට කැබිනට් ඇමති තනතුරක් ලබාදෙන බවට පොදුජන පෙරමුණේ නායකයන් පොරොන්දු වී ඇති නමුත් ඔවුන්ට හිමිවූයේ රාජ්‍ය ඇමති ධුරයක් පමණි. ඒ පක්ෂයේ වත්මන් නායකයා වන ජීවන් තොන්ඩමන් මහතාටයි. ඔහු පවසන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයට කැබිනට් අමාත්‍ය ධුර දෙකක්ම හිමි වී ඇති නමුත් ඉන් එකක් හෝ සිය පක්ෂයට ලබා නොදුන් බවයි.

මේ සම්බන්ධයෙන් මුල සිටම එම පක්ෂය නොසතුටින් පසු වූ අතර ආණ්ඩුවේ අර්බුද උත්සන්නවීමත් සමග කැබිනට් ඇමති තනතුර සම්බන්ධයෙන් කේවල් කිරීමට ඔවුන් සූදානම් වේ.

යම් හෙයකින් තවදුරටත් කැබිනට් තනතුරක් ලබා නොදෙන්නේ නම් ඉතා නුදුරේදීම ආණ්ඩුවේ තවදුරටත් සිටිනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පක්ෂයේ ඉහළ පෙළේ නායකයන් සූදානම්ව සිටී.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...