නවසීලන්තයේ රික්ටර් මාපක 6.7 ක ප්‍රබල භූ කම්පනයක්

Date:

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 25; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : නවසීලන්තයේ දකුණු දූපතෙන් අද(25) රික්ටර් මාපක 6.7 ක ප්‍රබල භූමිකම්පාවක් වාර්තා වී තිබේ.

නවසීලන්තයේ උප-ඇන්ටාක්ටික් දූපත් වල උතුරු කෙළවරේ පිහිටි ස්නාරස් දූපත් වලට කිලෝමීටර් 160 ක් පමණ වයඹ දෙසින් කිලෝමීටර් 33 ක් (සැතපුම් 21) ගැඹුරකින් භූමිකම්පාව වාර්තා වී ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය තහවුරු කර ඇති අතර මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ ජාතික කාලගුණ කාර්යාංශය පැවසුවේ ප්‍රධාන භූමියට, දූපත් හෝ ප්‍රදේශවලට සුනාමි තර්ජනයක් නොමැති බවයි.

කෙසේ නමුත්, සවුත්ලන්ඩ් සහ ෆියර්ඩ්ලන්ඩ් ප්‍රදේශවල පදිංචිකරුවන් වෙරළ තීරයෙන් සහ සමුද්‍ර ප්‍රදේශවලින් ඈත්ව සිටිය යුතු බවට බලධාරීන් දනුවත් කර ඇති අතර නවසීලන්තය පැසිෆික් සාගරයේ කිලෝමීටර් 40,000 (සැතපුම් 24,854) ක ගිනි කඳු සහ සාගර අගල් චාපයක් වන භූ කම්පන සහගත ලෙස ක්‍රියාකාරී ගිනි වළල්ල මත පිහිටා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික පාරිසරික පනත සංශෝධනය කෙරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : අද (05) ජාතික...

විදේශ රැකියා සහ සංචාරක ක්ෂේත්‍රයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 11ක ආදායමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : 2025 වසරේදී, විදේශ...

හිටපු ඇමති ජොන්ස්ටන්ට අයත් ඉස්කාගාරයකට සීල් තියයි !

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් රෝයල් ඩිස්ටිලරීස් (වයඹ...

පොලීසිය නාවිකයන්ව දෙවන අර්ධයේ බින්දුවේ තබයි

නිශ්මං රණසිංහ ජනවාරි 05, කොළඹ LNW: මැලිබන් ජාතික රගර් සූරතාවලියේ...