*
Friday, April 26, 2024
spot_img

Latest Posts

IMF එකෙන් ලැබුණු මුදලින් ඉන්දීය ණයෙන් කොටසක් ගෙව්වා – මුදල් රාජ්‍ය ඇමති (VIDEO)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ පළමු වාරිකය ලෙස ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියන 330න් කොටසක් ඉන්දීය ණය මාර්ගයෙහි පළමු වාරිකය ආපසු ගෙවීම සඳහා භාවිතා කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

“වෙන අවස්ථාවල IMF මුදලක් ලැබුණාම ඒක මහබැංකුවේ ගිණුමේ පවතින්නේ. විශේෂයෙන්ම ගෙවුම් ශේෂය තුලනය කිරීමට. නමුත් මෙවර විශේෂයක් තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් තේරුම් අරන් තියෙනවා අපේ රටේ විශේෂ අවශ්‍යතාවය. එනිසා ඔවුන් ඒ මුදල් අයවැය ශක්තිමත් කිරීමට යෙදවීමට දීලා තියෙනවා. එනිසා අපට දැන් ඩොලර් මිලියන 330ක් ලැබුණා පෙරේදා වෙනකොට. මහබැංකුවේ ගිණුමට ඒක ලැබුණෙ. ඒක ඊයෙ වෙනකොට මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම්වරයාගේ ගිණුමට මාරු කළා ඩොලර් වලින්ම. නමුත් මේවා විදයම් කිරීමේදී මහබැංකුව සමගත් ඒ පිළිබඳ සාකච්ඡා කරලා එකඟතාවයකට පැමිණීමේ අවශ්‍යතාවයක් අපට තියෙනවා. ඒ වගේම අපි ඒ මුදල් වියදම් කරන්න බලාපොරොත්තු වෙන්නේ හැමවිටකම අපේ ණය ස්ථායීකරණයට. අපට තිබුණෙ මේ ණය ගෙවීමට බැරිකම පිළිබඳ ප්‍රශ්නයක් නෙ, ඒනිසා ණය ස්ථායීකරණයට. දැන් උදාහරණයක් හැටියට ඔබට මතක ඇති අපි පසුගිය කාලයේ විශාල වශයෙන් ප්‍රයෝජනයට ගත්තු ඉන්දියානු ණය යෝජනා ක්‍රමය රටට තෙල් ටික ගේන්න, ඖෂධ ගේන්න. ඒ ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ පළමු වාරිකය අපට ගෙවන්න තිබුණා ඊයේ දවසේ. ඩොලර් මිලියන 121 ක්. ඉතින් අපි ඒ මුදල ඊයෙ දවසෙම ගෙව්වා. ඒක අපට වැදගත් වෙනවා ඉදිරි ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී, ඒ රටවල්වල විශ්වාසය තහවුරු කරගැනීමේදී. ඉතින් ඒ සඳහා තමයි යොදාගත්තෙ”

අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව පැවසුවේ ඊයේ (24) කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan