ශ්‍රී ලංකා සිරකරු හුවමාරු ගිවිසුම යටතේ කුවේට් සිට ශ්‍රී ලාංකික සිරකරුවන් 20ක් මෙරටට!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 26, කොළඹ (LNW):

කුවේට් රාජ්‍යයෙහි මධ්‍යම බන්ධනාගාරයේ රඳවා සිටි ශ්‍රී ලාංකික සිරකරුවන් 20 දෙනෙකු මෙරටට භාරදීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබෙන අතර, ඔවුන් මෙරටට රැගෙවිත් ඇත්තේ කුවේට් – ශ්‍රී ලංකා සිරකරු හුවමාරු ගිවිසුම යටතේ බව වාර්තා වේ.

එම සිරකරුවන් කුවේට් රාජ්‍යය තුළ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම, ප්‍රවාහනය කිරිම, ජාවාරම් කිරීම සහ තවත් විවිධ චෝදනා යටතේ එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාවලිය වෙත යොමු කර දඩුවම් ලබා බන්ධනාගාරගතව සිටි පිරිසක් වේ.

එලෙස කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ සිරකරුවන් වැලිකඩ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන යාමට නියමිත අතර, කුවේට් – ශ්‍රී ලංකා සිරකරු හුවමාරු ගිවිසුම යටතේ මේ වන විට අවස්ථා දෙකක දී ශ්‍රී ලාංකික සිරකරුවන් 52 දෙනෙකු මෙරටට රැගෙනවිත් භාර දී තිබෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජිත් සමාව ගනී!

කොළඹ LNW: පසුගියදා මහනුවර නගර සභා පරිශ්‍රයේදී සෝමේ (soome)...

හානියට පත් නිවාස සහ ඊට අදාළ වන්දි ලබා දීමේ ක්‍රියාවලිය පිළිබඳ සොයා බැලූ ජනපති අනුර!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...