ඊශ්‍රායල ආරක්ෂක ඇමති අධිකරණ ප්‍රතිසංස්කරණය නතර කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලයි; ඊශ්‍රායලයේ නොනවතින අරගලය 10වන සතියටත්

Date:

අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ආන්ඩුව විසින් ගෙන එන අධිකරණ ප්‍රතිසංස්කරණ වලට සති 10 තිස්සේ පවතින දැඩි විරෝධතාවය හේතුවෙන් එම ප්‍රතිසංස්කරණ නවතා දමන ලෙස ආරක්ෂක ඇමති Yoav Gallantනෙතන්යාහුගේ ආණ්ඩුවෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ. මෙහිදී අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ තමා මේ වෙනුවෙන් සහය නොදක්වන බවයි.

පසුගිය ජනවාරි මාසයේදී බෙන්ජමින් නෙතන්යාහු විසින් යෝජිත අධිකරණ ප්‍රතිසංස්කරණයක් ගෙන ආ අතර එමඟන් විනිශ්චයකාරවරුන් තෝරා ගැනීම සම්බන්ධයෙන් පවතින රජයට බලපෑම් කිරීමට ඇති හැකියාව හා විධායකයට එරෙහිව තීන්දු කිරීමට හෝ නීති සම්පාදනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට ඇති හැකියාව සීමා කරනු ඇති බවත්, එමඟන් ඒකාධිපතිත්වය හිස ඔසවන බවට චෝදනා කරමින් මහජන විරෝධතාවයන් ආරම්භ විය.

ඊයේ(25)දිනයේදී ටෙල් අවිව්හි දස දහස් ගණනක් විරෝධතාකරුවන් අධිකරණ ප්‍රතිසංස්කරණයන්ට එරෙහිව පෙළ ගැසුන අතර ප්‍රාදේශීය මාධ්‍ය ඇස්තමේන්තු කළේ 200,000ක ජනතාවක් පෙළපාලිය සඳහා පැමිණ සිටි බවයි.

මෑත සතිවල දී, ප්‍රතිසංස්කරණය පිළිබඳ අතෘප්තිය ඊශ්‍රායල හමුදාව තුළ පවා ඉහළ ගොස් ඇති අතර අධිකරණ අමාත්‍යවරයා මාධ්‍ය වෙත වාර්තා කර තිබුණේ, මිලිටරි සංචිත රාජකාරි සඳහා කැඳවීම්වලට අවනත නොවන බවට ප්‍රතිඥා දී ඇති බවත් බොහෝ දෙනා ස්වෙච්ඡා සේවයෙන් ඉවත්ව ඇති බවත්ය.

සෑම පැත්තකින්ම, කෝපය, වේදනාව සහ බලාපොරොත්තු සුන්වීම වැනි හැඟීම් මා මින් පෙර කිසිදා නොදුටු තීව්‍රතාවයකින් පැන නැගී ඇති බව ප්‍රකාශ කළ අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, දිගින් දිගටම වාරෝධතාවයන් ඉදිරියට යාම ජාතික ආරක්ෂාවට, ආර්ථික වර්ධනයට හා සහයෝගීතාවයට බරපතල තර්ජනයක් වන බවයි.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වර්ධනයක් – අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 18) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

මේ අයිස් මත්ද්‍රව්‍ය සහ පාතාලය අවසන් කරන වැඩේ අපි කරනවා – මන්ත්‍රී මනුවර්ණ

සටහන - රුවන් නෙළුගොල්ල 2029 ජනාධිපති වීමට සිතාගෙන සිටින ඇතැම්...

වසන්ත සහෝදරයාට පරම්පරා කඩ තියෙනවා. ඒවායෙ වත්කම් මෙච්චරයි කීම වරදක් නෙවෙයිනෙ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල වෙළඳ, වාණිජ, සමූපකාර සංවර්ධන හා ආහාර...