ඇම්නස්ටි ඉන්ටනැෂනල් ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ දිප්‍රොස් මුචෙනා ලංකාවේ!

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් වන ඇම්න්ස්ටි ඉන්ටනැෂනල් හි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ දිප්‍රොස් මුචෙනා මහතා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වාර්තා වේ.

ඒ ඇමන්ස්ටි ඉන්ටනැෂනල් සංවිධානයේ කලාපීය වාර්ෂික වාර්තාව එළි දැක්වීමේ උත්සවයට සහභාගී වීමටයි.

මෙම අවස්ථාවට සහභාගී වන මුචෙනා මහතා එහි ප්‍රධාන කථිකයා ලෙස කටයුතු කිරීමට නියමිත අතර, තම පැමිණීම හරහා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සුරක්ෂිත කිරීම ප්‍රවර්ධනය කිරීමේ හදිසි අවශ්‍යතාවය පිළිබඳ දැනුවත් කිරීමට ද අපේක්ෂාවෙන් පසුවෙයි.

ඇම්නස්ටි ඉන්ටනැෂනල් සංවිධානයේ කලාපීය වාර්ෂික වාර්තාව එළඹෙන මාර්තු 28 වන දින කොළඹදී එළි දැක්වීමට නියමිත ය.

දිප්‍රොස් මුචෙනා මහතා, ඇම්නස්ටි ඉන්ටනැෂනල් සංවිධානයේ කලාපීය මානව හිමිකම් බලපෑම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන අතර, ලොව පුරා පිහිටා ඇති ඇම්නස්ටි ඉන්ටනැෂනල් කලාපීය කාර්යාල හරහා ගෝලීය මානව හිමිකම් සුරක්ෂිත කිරීමේ මෙහෙයුම් පුළුල් කිරීමේ කාර්යභාරය අධීක්ෂණය කිරීම භාරව පසුවෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාගම්වලට කැමති මිලකට තෙල් විකුණන්න පුළුවන් – තෙල් සංස්ථා සභාපති

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට ඉන්ධන අලෙවියේ නියුතු ලංකා IOC,...

අල්ලස් ගත් බන්ධනාගාර සහකාර අධිකාරීවරයෙක් බන්ධනාගාරය තුළදීම අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ත්‍රිකුණාමලය රිමාන්ඩ් බන්ධනාගාරයේ සහකාර අධිකාරිවරයා අල්ලස්...

කහඳගම අපේ කෙනෙක් නෙවෙයි. අහන්න වාසුදේවගෙන් – පොහොට්ටු ලේකම්

සටහන - රුවන් නෙළුගොල්ල අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්වූ කොළඹ...