ළමා මන්දපෝෂණය ගැන සොයා බැලීමට තේරීම්කාරක සභාවක්!

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණය පිළිබඳ සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කර ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා ගේ සභාපතිත්වයෙන් යුතු මෙම තේරීම්කාරක සභාව හරහා මෙරට ළමා මන්දපෝෂණ ගැටළුව උග්‍ර වන්නේ දැයි සොයා බලා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කෙටි-කාලීන, මධ්‍ය-කාලීන සහ දිගු-කාලීන විසඳුම් හඳුනා ගැනීමත්, එම විසඳුම් කඩිනමින් ක්‍රියාවට නැංවීම අධීක්ෂණය කිරීමත් අපේක්ෂා කෙරේ.

නලින් ප්‍රනාන්දු, වෛද්‍ය සීතා අරඹේපොල, ඒ. අරවින්ද් කුමාර්, ගීතා කුමාරසිංහ, වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ, ආචාර්ය ගයෂාන් නවානන්ද, සිවග්නානම් ශ්‍රීදරන්, වෛද්‍ය කාවින්ද ජයවර්ධන, රෝහිණී විජේරත්න, ආචාර්ය උපුල් ගලප්පත්ති, කින්ස් නෙල්සන්, මුදිතා ප්‍රිශාන්ති, අලි සබ්රි රහීම්, කුමාරසිරි රත්නායක, රාජිකා වික්‍රමසිංහ, වීරසුමන වීරසිංහ, මංජුල දිසානායක, මහාචාර්ය චරිත හේරත්, ආචාර්ය හරිනි අමරසූරිය සහ ජගත් සමරවික්‍රම යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙහි සාමාජිකත්වය දරති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි වැසි – අද (07) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 07) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

සමාගම්වලට කැමති මිලකට තෙල් විකුණන්න පුළුවන් – තෙල් සංස්ථා සභාපති

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට ඉන්ධන අලෙවියේ නියුතු ලංකා IOC,...

අල්ලස් ගත් බන්ධනාගාර සහකාර අධිකාරීවරයෙක් බන්ධනාගාරය තුළදීම අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ත්‍රිකුණාමලය රිමාන්ඩ් බන්ධනාගාරයේ සහකාර අධිකාරිවරයා අල්ලස්...

කහඳගම අපේ කෙනෙක් නෙවෙයි. අහන්න වාසුදේවගෙන් – පොහොට්ටු ලේකම්

සටහන - රුවන් නෙළුගොල්ල අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්වූ කොළඹ...