*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

රටේ පාලකයන් මහා පරිමාණ තේ සමාගම්වල වහලුන් වෙලා – විපක්ෂ නායක සජිත්

විවිධ කෘෂිකාර්මික පර්යේෂණවලින් සනාථ වූ කරුණු කාරණා පසෙක දා පොහොර තහනම් කර, එකවරම කාබනික පොහොර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කර නිසරු දේ සරු කර සරු දේ නිසරු ලෙස පසෙක දැමීම නිසා රටේ තේ නිෂ්පාදනය 35%කින් පහළ වැටි ඇති බවත් යූ877, ටී1130 යනාදී තේ පොහොර වර්ගවල මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බවත් කිලෝ 10ක් මිටියක් 11500ක් වන නිසා තේ වගාවේ නියැලී සිටින අපේ ප්‍රජාව තේ වගාවේ නිෂ්පාදනය වර්ධනය කරන්න පොහොර යෙදවීමක් සිදු නොකරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

දේශීය නිෂ්පාදනය 35%කින් පහළ වැටී ඇති මොහොතක මාස 3කට වරක් පොහොර දැමිය යුතුව තිබියදී මේ පොහොර සහනාධාරයක් ලබා දී රට තුළ තේ නිෂ්පාදකය දිරි ගන්වා ශක්තිමත් කර දේශීය තේ නිෂ්පාදකයන් ශක්තිමත් කළ යුතුය යන්න පාලකයන්ට නොතේරෙන බවත් කන්න 3ක් හෝ පොහොර සහනාධාරය ලබා දී තේ නිෂ්පාදනය ඉහළට ගැනීම ජාතික වගකීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙරට තේ ඉඩම්වලින් අඩු ඉඩම් ප්‍රමාණයක් අයිති කුඩා තේ වතු හිමියන් මෙරට තේ නිෂ්පාදනයෙන් 60-70%කට නිෂ්පාදන දායකත්වය ලබා දෙන බවත් වැඩි ඉඩම් ප්‍රමාණයක් සහිත රාජ්‍ය හා පෞද්ගලික සමාගම් ජාතික තේ නිෂ්පාදනයට 30%ක් වැනි අවම දායකත්වක් ලබා දීම නිසා දහස් ගණන් තේ ඉඩම් මුඩු ඉඩම් බවට පත් වී ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විරැකියාව ඉහළ ගොස් ඇති මොහොතක වගා නොකළ මේ ඉඩම් හි අයිතිය තරුණයන්ට ලබා දී ුපුරවැසියන් මෙන්ම ඒ පුරවැසිභාවය සම්පූර්ණවන ඉඩමක හා ප්‍රාග්ධන අයිතිය තරුණයන්ට ලබා දී කුඩා තේ වතු හිමියන් බිහි කළ හැකි බවත් එය විරැකියාවට විසඳුමක් බවත් සදාකාලික කම්කරුවන් වී ඇති උඩරට ප්‍රජාවටත් එය විසදුමක් වුවත් මෙරට පාලන තන්ත්‍රය මහා පරිමාණ සමාගම්වල වහලුන් වි ඇති නිසා එවැනි පියවර නොගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ලෙල්ලුපිටිය ශ්‍රී කල්‍යාන බෝධිරාජාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවන චෛත්‍ය සඳහා මුල් ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.

සමගි ජන බලවේග රජයක් තුළ රැකියාවක් නොමැති විරැකියාවෙන් පෙළෙන තරුණයන්ට මෙන්ම ලැයිම් කාමරවල සිටින කම්කරුවන් වී සිටින උඩරට වතු ප්‍රජාවට වගා නොකළ ඉඩම් කුඩා තේ වතු ලෙස සංවර්ධනය කිරීමට ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ආගම දේශපාලන ව්‍යාපාරවල ආයුධයක් නොකර ගත යුතුයි

අප රටේ බොහෝ දෙන බෞද්ධකම ගැන කතා කරමින් සම්බුද්ධ සාසනය පිළිබඳ දැවැන්ත ප්‍රකාශ නිකුත් කළත් යුගයේ අවශ්‍යතාව වී ඇත්තේ ආගම දහම රැකගෙන සම්බුද්ධ සාසනය සුරක්ෂිත කිරීම බවත් ඒ සත්කාරය උදෙසා සියලුම බෞද්ධාගාමික ප්‍රජාව පෙළගැසිය යුතු බවත් මින් ඉදිරියට හෝ ආගම දහම උපයෝගී කර ගෙන බුද්ධාගම දේශපාලන ව්‍යාපාරයක ආයුධයක් කර නොගන්නට කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බුදුරජාණන් වහන්සේ පවා දේශනා කළේ සියලු සත්ත්වයේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා යනුවෙන් බවත් බුද්ධාගමේ අය පමණක් දුකින් මිදෙත්වා නිවන් දකිත්වා යනුවෙන් පමණක් දේශනා නොකළ නිසා මේ නිර්මල බුදු දහම විකෘති නොකර සත්‍යවාදීව උතුම් ගුණාංගයන් ක්‍රියාත්මක කරන්නට කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

මම හැමවෙලේම අනුගමනය කරන්නේ ධම්මපදයයි

සෑම විටම තමා උත්සාහ කරන්නේ ධම්ම පදයේ දේශනා කර ඇති උතුම් බුදුදහමේ උසස් ගුණාංග අනුගමනය කරමින් තම ක්‍රියාපිළිවෙත හැකිතාක් දුරට නිවැරදිව ක්‍රියාත්මක කිරීමට බවත් බුදුරජාණන් වහන්සේ පැවසූ ආකාරයට අනුන්ට උපදෙස් දෙන්නට පෙර අප සුදුසු ගුණයේ පිහිටා යුතු හෙයින් මේ ධම්මපදය බංකොලොත් වූ අප රටට ඉතා වැදගත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාව දුකින්. හොරු සැපෙන්

පාලක පැළැන්තිය එවන් ගමනක් ක්‍රියාත්මක කළොත් අපේ රටට නිත්‍ය සෞභාග්‍ය උදා වෙන බවත් අපි හැමෝම දන්නා පරිදි අකටයුතුකම් නිසා වංචා නිසා අල්ලස දූෂණය හොරකම නිසා අද අපේ රට මේ තත්ත්වයට වැටී ඇති බවත් එවැනි අපරාධ සිදු කළ අය නිදැල්ලේ සිටින බවත් රට විනාශ කළ බංකොලොත් කළ රට සුන්නත්දූලි කළ පාර්ශ්වයන් යහතින ජීවත් වන බවත් ඔවුන්ට ආහාර පාන ගැටලු නොමැති බවත් දුකක් නොමැති බවත් ජනතාවගේ කරපිටින් අති සුඛෝපභෝගී ජීවිත ඔවුන්ගේ පවුල් පරම්පරා පවා විඳින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නමුත් රටේ නිහඬ බහුතරය අමාරුවෙන් ජීවත් වන බවත් කුසගින්න, විරැකියාව යන තත්ත්වයන් තුළ මහා විනාශයකට ලක්ව ඇති නිසා රටක් ලෙස ඉදිරියට යාමට නම් හරි දේ හා වැරදි දේ කුමක්ද කියා අවබෝධ කර ගැනීමෙන් අපේ ගමන සාර්ථකව ඉදිරියට යා හැකි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

සසුනට අරුණ වැඩසටන යටතේ චෛත්‍ය රාජායාණන් වහන්සේලා 13ක් නිර්මාණය කර බුදුසසුන වෙනුවෙන් පුජා කර අවසන් බවත් සම්බුද්ධ සාසනයේ සුරක්ෂිතභාවයෙන් වෙනුවෙන් ක්‍රියාත්මක ප්‍රායෝගික වැඩපිළිවෙළක් ලෙස මෙය දැක්විය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan