*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

තලේබාන් මොඩ්ල් එකේ රාජ්‍යක් මෙරටට කොහෙත්ම එපා – ඩලස් අමුවෙන්ම පැහැදිළි කරයි (VIDEO)

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 28, කොළඹ (LNW): අද (28) දින නිදහස ප්‍රධාන කාර්යාලයේ දී පැවති මධ්‍ය හමුවේදී ඩලස් අලහප්පෙරුම මහතා කරුණු දක්වමින් පැවසූවේ, ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ නායකයින් ද වගකීම් සහගත විය යුතු බවත්, තලේබාන් පන්නයේ පාලනයක් රටට අවශ්‍ය නොවන බවත් ය.

ජනාධිපතිවරණයට අදාලව සමාජය තුළ නිර්මාණය කොට තිබූ සැක සංකා දුරු කරමින් නියමිත කාලවකවානු නිවේදනය කිරීම පිළිබඳව මැතිවරණ කොමිසමට ස්තුති කරමින් ඒ අනූව, 8 වැනි විධායක ජනාධිපති ධූරයේ උපරිම ආයු කාලය අද සිට දින 194ක් යැයි ද අවම ආයු කාලය දින 164ක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසා සිටියේය.

සාර්ථකත්වය හා අනාගත සමෘද්ධිය ගැන ආණ්ඩුවේ දේශපාලනඥයින්, නිලධාරීන් කුමක් පැවසුව ද පුරවැසියන් ගිලෙන රටක තුත්තිරි ගස් වල එල්ලී දිවි ගලවා ගැනීමට උත්සහ ගන්නා බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, එයට ඇති හොඳම උදාහරණය හා සාක්ෂිය ශ්‍රී ලංකාවේ ඇති නැති පරතරය පිළිබඳව UNDP ආයතය විසින් 2023ට අදාලව කර ඇති සමීක්ෂණයේ ප්‍රතිඵල බව පැහැදිලි කළේය.

ඒ අනූව, ශ්‍රී ලංකාවේ ජාතික ආදායමෙන් 31% ක් රැඳී ඇත්තේ ඉහළින්ම ජීවත් වන 1% අත බවත් ජාතික ආදායමෙන් 64% ක් රැඳී ඇත්තේ ඉහළ මධ්‍යම පන්තියේ  10% අත බවත් පහලින්ම සිටිනා 50% ක් වූ පුරවැසියන් අත ගැවසෙන්නේ ජාතික ආදායමේ 4% ක් වූ සොච්චම බවත් පැහැදිලියි. මෙම අනාවරණයෙන් පැහැදිලි වන්නේ ජාතිය මත සොහොන් ලකුණක් වැටී ඇති බවයි.

එසේම, පුරවැසියන්ගේ අපේක්ෂාභංගත්වය උපරිම කාලයකට පැමිණ ඇතැයි පැවසූ මන්ත්‍රීවරයා, සෑම පැය 12 කට එක් දිවිනසා ගැනීමක් වාර්තාවීමෙන් ද සෑම මාසයකටම  විසිහය දහසක් (26,000) රට හැර යාමෙන් ද එය තේරුම් ගත හැකියි. මේවා අපේ සංඛ්‍යා ලේඛන නෙවෙයි සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේම ඒවයි. පොලීසියේම ඒවයි. “සාගරයක් මැද ගිලෙන රටක් ඇත” යනුවෙන් මුතු ඇටය පරිවර්තනය වෙමින් තිබීම ජාතික ඛේදවාචකයක් වුවද ගිලෙන නැවෙන් පනින කලාව තේරුම්ගෙන සිටින දේශපාලනඥයින්ට එයින් අනතුරක් නැති බවද පැවසීය.

” දිවා ආහාරය ලැබෙන පාසල් දරුවන්ගේ ප්‍රමාණය ලක්ෂ එකොළහේ (11) සිට ලක්ෂ දහසය (16) දක්වා ඉහළ නැංවීම ගැන රජයට ප්‍රසාදය පල කරන බව පැවසූ මන්ත්‍රීවරයා සැබවින්ම, මෙම ප්‍රමාණය ලක්ෂ විසි එකක් (21) යැයි සෞඛ්‍ය හා පෝෂණ කාර්යාංශය 2021 දී පෙන්වා දීමෙන් අනතුරුව එවකට අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් ලක්ෂ විසි එකක් (21) දක්වා එය ඉහළ නංවන්නැයි මම කැබිනට් මණ්ඩලයට වාර්තා කළා. කෙසේ වෙතත් මෙම වැඩි වීම ද අසරණ අහිංසක දෙමාපියන්ට විශාල සහනයක් විය හැකි බැවින් අගය කළ යුතු දේ අගය කරනවා”

විශේෂ අවශ්‍යතා සහිත රජයේ ආධාර ලබන උපකෘත පාසල් විසි හතක් (27) රට තුළ ඇති අතර දෘශ්‍යාබාධිත, කථනාබාධිත, ශ්‍රවණාබාධිත දරුවන් දෙදහස් අටසීයක් (2800) පමණ ඒවායේ අධ්‍යාපනය ලබන අතර එම අහිංසක දරුවන් වෙත ද මෙම දිවා ආහාරය ලබා දීමේ අත්‍යාවශ්‍යභාවය ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

පෙරටුගාමී පක්ෂයේ නායකයින් සිරගත කිරීම තුලින් පෙන්වනු ලබන්නේ කතා කිරීමේ නිදහස ද රැස්වීමේ නිදහස ද ආණ්ඩුව උදුරාගෙන ඇති බවයි. මෙහෙම වෙන්නේ තලේබාන් පාලනයක් යටතේ පමණයි. ශ්‍රී ලංකාවට තලේබාන් පාලනයක් අවශ්‍ය නැහැ. දේවාලයක බස්නායක නිළමේ තෝරන තරඟයට මන්ත්‍රී මල්ලිට උදව් නොකරම ප්‍රාදේශීය ලේකම් ලා මාරු කරන රටක් මේක. අධිකරණයේ නියෝගයන්ට එරෙහිව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් හා නායකයින් කලබල වීම පූර්වාදර්ශයක් කර ගනිමින් පාතාලය ද තමන්ට එරෙහි නියෝග දුන් අධිකරණ විනිසුරුවන් දඩයම් කිරීමට සැරසෙන ආකාරය බියජනක බවත් මේ ආකාරයට නීතියේ ආධිපත්‍යට තර්ජන මතුවීම හරහා පෙන්වන්නේ ශ්‍රී ලංකාව “හයිටි” දූපත් රාජ්‍යට සමාන වී ඇති බවයි. අද “හයිටි” යට වෙච්ච දේ හෙට අපිට වෙන්න පුලුවන් බැවින් ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ නායකයින් ද වගකීමෙන් හැසිරිය යුතු යැයි අවධාරණය කළේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan