සයිනොපෙක් වෙතින් නව ඉන්ධන පිරිපහදුවක්!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 28, කොළඹ (LNW): චීනයේ සයිනොපෙක් සමාගම විසින් මෙරට ඉදිකිරීමට නියමිත ඉන්ධන පිරිපහදුවේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ. එම සාකච්ඡාව ඊයේ (27) කොළඹදී පවත්වා ඇති බව වාර්තා වේ.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර X පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, සයිනොපෙක් සමාගමේ නියෝජිතයින් පිරිසක් තමාට ඒ බව දැන්වූ බවයි.

නව පිරිපහදුව හම්බන්තොට ස්ථාපනය කිරීමට නියමිත අතර ඊට අදාළ එකඟතා ගිවිසුම් කඩිනමින් අත්සන් කිරීමට සයිනොපෙක් සමාගම එකඟ වී ඇති බව සඳහන් වේ.

එම ව්‍යාපෘතිය සඳහා ආයෝජනය වැඩි කිරීමටත් පිරිපහදුවේ ධාරිතාවය වැඩි කිරීමටත් එකඟ වී ඇති අතර ව්‍යාපෘතිය ජූනි මාසයේදී ආරම්භ කිරීමට නියමිත් බව පැවසේ. එම ව්‍යාපෘතිය සඳහා පසුගිය නොවැම්බර් මාසයේදී කැබිනට් අනුමැතිය හිමිවූ අතර එහි ආයෝජනය සඳහන් වූයේ ඩොලර් බිලියන 4.5ක් ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...