*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

අසැභි දර්ශන අන්තර්ජාලයට මුදාහරින්නන්ට වැඩ වරදී!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 28, කොළඹ (LNW): අද (28) සිට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වෙබ් අඩවිය හරහා පැමිණිලි ඉදිරිපත් කිරීමටත් , සෘජුව ම එක්සත් රාජධානියේ ‘Internet Watch Foundation’ නමැති ආයතනය වෙත වාර්තා කිරීමට හැකි අයුරින්, දරුවන්ගේ නිරුවත් ඡායාරූප සහ අසභ්‍ය වීඩියෝ ඉන්ටර්නෙට් වෙත යොමු කිරීම සහ සමාජ මාධ්‍යවල හුවමාරු කිරීම සම්බන්ධයෙන් පැමිණිලි භාර ගැනීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ පවසයි.

‘Internet Watch Foundation’ ආයතනය ළමුන්ගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ඉන්ටර්නෙට් වෙත මුදා හැර ඇති අවස්ථාවකදී ඒ පිළිබඳව පැමිණිලි කළ පසු එම ඡායාරූප, වීඩියෝ දර්ශන ඉවත් කිරීමට කටයුතු කරන බවත්, ළමයෙකුගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශනයක් ඉන්ටර්නෙට් වෙත මුදා හැර ඇත්තේ, ශ්‍රී ලංකාව තුළදී නම් ජාත්‍යන්තර පොලිසිය හරහා ලංකාවට දැනුම්දීමෙන් පසු නීතිය ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙන බවත් උදය කුමාර මහතා පවසයි.

සියලු ආකාරයෙන් ළමා අපයෝජන අනාවරණය කර ගැනීම සහ වැළැක්වීම සම්බන්ධයෙන් විදේශ ආණ්ඩු හා අන්තර්ජාතික ආයතන සමග සම්බන්ධීකරණය කර කටයුතු කිරීමටත් නීතිය මගින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පවරා ඇති බලතල අනුව මෙම නව ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බවත්, ‘Internet Watch Foundation’ ආයතනය යනු එංගලන්තය කේන්ද්‍ර කර ගනිමින් රටවල් 51ක මෙවැනි සිදුවීම් පිළිබඳව ක්‍රියාත්මක වන ආයතනයක් බව ත් අද ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙම ක්‍රමවේදය නිල වශයෙන් ආරම්භ කරන බව ත් ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.

ඒ සඳහා ‘Internet Watch Foundation’ ආයතනය ද සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan