*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකා යෞවනියන්ගේ ජයග්‍රාහී පන්දු රැකීම ඕස්ට්‍රේලියාවට පරාජය කැඳවයි

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 28, කොළඹ (LNW): අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක තුන් ඈදුතු එංගලන්ත,ඔස්ට්‍රේලියා සහ ශ්‍රී ලංකා තරගාවලියේදී ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 8 න් පරාජය කරන්නට සමත් වුණා.පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියානු පන්දු යවන්නියන්ගේ පන්දු යැවීම ඉදිරියේ ඉතා දුෂ්කර ගමණක යෙදෙමින් පන්දු ඕවර් 20 නිමාවේ කඩුලු 6 ක් අහිමි කරගෙන ලකුණු 117 කරා පැමිණියා.ඒ ගමණේ දී වැඩිම ලකුණුලාභිණිය වුණේ ලකුණු 28 ක් ලැබූ සංජනා කාවින්දි යි.අන් කිසිඳු ක්‍රීඩිකාවක් ලකුණු 20 සීමාවට නොපැමිණිය ද හැකි පමණින් දුන් දායකත්වය සමඟ සමස්ත ලකුණු පූවරුව 117 දක්වා ඉදරියට ගෙන යාමට හැකි වුණා.


බැලූ බැල්මට මෙම ලකුණු ප්‍රමාණය ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පහසු ඉලක්කයක් ලෙස පෙණුනද ශ්‍රී ලංකා පන්දු යවන්නියන් මුල සිටම ඉලක්කයට පන්දුව යොමු කරමින් ඕස්ට්‍රේලියාවට දැඬි පීඩනයක් එල්ල කරනු ලැබුවා.සියල්ලටම වඩා ඕස්ට්‍රේලියාවට ඉලක්කය අසීරු කළේ ශ්‍රී ලංකා පන්දු රකින්නියන්.විශේෂයෙන්ම නෙත්මි සේනාරත්න රැක ගත් උඩ පන්දුවත්,ඉතාම තීරණාත්මක මොහොතක රශ්මි නේත්‍රාංජලී රැකගත් උඩ පන්දුවටත් තරගයේ හැඩය වෙනස්වීමේ විශාල ගෞරවයක් එකතු විය යුතුයි.


ඒ අතරින් පස්වන කඩුල්ල වෙනුවෙන් ජයග්‍රහණයට අවශ්‍යය ලකුණු වේගයට සේන්දු වෙමින් ඕස්ට්‍රේලියානු නායිකා ලුසී හැමිල්ටන් ( පන්දු 30 – ලකුණු 28) සහ එලීනොර් ලරොෂා ( පන්දු 41 – නොදැවී 44) ලකුණු 39 ක් එක් කර තිබියදී දෙව්මි විහංගාගේ විශිෂ්ඨ පන්දු යැවීම ඉදිරියේ නේත්‍රාංජලී රැක ගත් අති විශිෂ්ඨ උඩ පන්දුව තරගයේ තීරණය වෙනස් කළ අවස්ථාව විය.නේත්‍රාංජලී පන්දු 16 න් ලකුණු 14 ක් ලබා ගනිමින් ද,පන්දු යැවීමෙන් ලකුණු 20 ට එක් කඩුල්ලක් දවා ගනිමින් ද නේත්‍රාංජලී කළ හපන්කම තරගයේ ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයට කළ සුවිශේෂී සහ සුවිශාල මඟ පෙන්වීමක් විය.දෙව්මි විහංගා ද තීරණාත්මක මොහොතේදී ඔස්ට්‍රේලියානු ලකුණු පූවරුව සිය දඟ කැවීමේ අණෂකට යටත් කර ගනිමින් ලකුණු 22 ක් පමණක් දී ලබා ගත් කඩුලු 2 මෙන්ම පන්දු රැකීමේදි ද විශාල මෙහෙයක් කරමින් ඕස්ට්‍රේලියාවේ ජයග්‍රහණයට හරස් කැපුවාය.


නායිකා මනුදි නානායක්කාර තරගයේ ස්වභාවයට අනුව ලකුණු 16 ක් ලබා ගනිමින් සහ කණ්ඩායම නිසි ආකාරයට මෙහෙයවමින් ද,පන්දු රැකීමේදී කැපී පෙනෙන දක්ෂතා පෙන්වමින් ද කළ ඇගයීමද ඉතා ඉහළින් තිබිණ.ඒ නිසා ඉතා සුළු ලකුණු පූවරුවක් වෙනුවෙන් සටන් කිරීමේදී ප්‍රතිවාදීන්ට අනපේක්ෂිත පීඩනයක් එල්ල කිරීමේ අවශ්‍යයම දේ වන පන්දු රැකිම ඉතා ඉහළින් පවත්වා ගැනීම මේ තරගයේ ජයග්‍රහණයේ ප්‍රධාන සාධකය විය.යොවුන් ක්‍රිඩිකාවෝ නොසිතූ උඩ පන්දු රැක ගැනීමෙන් මෙන්ම පෙණුන ලකුණු පන්දු රැකීමෙන් පාලනය කරමින් ද ශ්‍රී ලංකාව ලබා ගත් ලකුණු 117 ට ලකුණු 8 ක් මෙපිටින් ඕස්ට්‍රේලියානු ලකුණු පූවරුව නවතා දැමුවේය.


ලකුණු පූවරුවට පිවිසෙන්න
https://srilankacricket.lk/under-19/?type=scorecard&mId=775&cId=45&dId=1&sId=12

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan