*
Monday, March 31, 2025
spot_img

Latest Posts

චාමර සම්පත්ට ඔයිට වැඩිය චෝදනාත් තියෙනවා. මට සන්තෝසයි, රටේ ජනතාවටත් දැන් සන්තෝස වෙන්න පුළුවන් – ඇමති සමන්ත

සටහන – රුවන් නෙළුගොල්ල

අපරාධ, වංචා, දූෂණ සිදුකළ අයට එරෙහිව නීතීය ක්‍රියාත්මක වීම දැන් ආරම්භ වී ඇති බවත් ඊට ජනාධිපතිවරයා හෝ තමන් ඇතුළු ආණ්ඩුවේ දේශපාලනඥයින් හෝ ඇඟිලි ගැසීමක් සිදු නොකරන බවත් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

“අපරාධ වංචා දූෂණ කළා නම් කාටවුණත් දැන් රටේ නීතිය ක්‍රියාත්මක වෙන්න පටන් අරගෙන තියෙනවා. අපි කාගෙවත් අපට වෙනම ඉලක්කයක් නෑ. මම දැන් මේ සම්බන්ධයෙන් හොයාබැලුවා මේක මාධ්‍යයේ පළවෙන නිසා. 2016 – 2017 වකවානුවේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා හැටියට ඉන්නකොට කරපු මූල්‍ය අක්‍රමිකතා සහ අවභාවිතාවන් සම්බන්ධයෙන් කරපු පැමිණිලි දැන් ක්‍රියාත්මක වෙන්න පටන් අරන් තියෙනවා. අපි එකක් සන්තෝස වෙනවා නව පාලනය සම්බන්ධයෙන්, දැන් නිලධාරීන් වුණත් බිය සැකෙන් තොරව නීතිය ක්‍රියාත්මක කරන්න පටන් අරන් තියෙනවානෙ. ඕවා පහුගිය කාලෙ යටගැහිච්ච ෆයිල්. අපට මහින්ද වෙන්න පුළුවන්, රනිල් වෙන්න පුළුවන්, චාමර වෙන්න පුළුවන්, අදාළ නෑ. රටේ ජනතාවට සාධාරණය ඉෂ්ට වෙන්න ඕනෙ. ඉතින් ඒවාට ජනාධිපතිතුමා හරි අපි දේශපාලනඥයෝ හරි ඇඟිලි ගහන්නෙ නෑ. කොහොම වුණත් රටේ ජනතාවට සන්තෝස වෙන්න පුළුවන් නීතිය ක්‍රියාත්මක වෙන්න පටන් අරන් තියෙනවා, ඒකට තරාතිරමක් නෑ. මැති ඇමතිවරු අදාළ නෑ. අපේ කෙනෙක් වුණත් වරදක් කෙරුවොත් වරද තමයි, දඬුවම් විඳින්න ඕනෙ. අනිත් එක මම හිතන්නෙ ඔය චාමරට ඔය එල්ල වෙලා තියෙන චෝදනාවලට වඩා බරපතළ චෝදනා සම්බන්ධයෙන් දැන් පරීක්ෂණ යනවා අපි දන්න විදියට. ඉතින් තවත් දේශපාලනඥයින්ට තවත් ඒවා තියෙනවා, ඒවා ක්‍රියාත්මක වෙනවා”

ප්‍රශ්නය – චාමර සම්පත් මන්ත්‍රීවරයාට තවත් චෝදනා තිබෙනවාද ?

“තව චෝදනා තියෙනවානෙ, ඒවා ප්‍රසිද්ධයිනෙ. එප්පාවල පොස්පේට් නිධිය සම්බන්ධ ප්‍රශ්න, මැණික් සම්බන්ධ ප්‍රශ්න, ඒ වගේ විශාල චෝදනා තියෙනවා. ඒවා සීඅයිඩී එක වෙන්න පුළුවන්, අල්ලස් කොමිසම වෙන්න පුළුවන් අදාළ පාර්ශ්ව විසින් පරීක්ෂණ පවත්වලා, නීතිපති දෙපාර්තමේන්තුවෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගනීවි”

සමන්ත විද්‍යාරත්න ඇමතිවරයා මේ බව පැවසුවේ ඊයේ (මාර්තු 27) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan